ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් විශිෂ්ට සටනක්!

7
Sri Lanka U23 vs Qatar U23

ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම ඊයේ (27) දිනයේ දී ඓතිහාසික පාපන්දු තරගයකට සහභාගී වීමට සමත් වුනා.

2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාව සහ ප්‍රංශය අතර තියුණු තරගයක් ක්‍රියාත්මක වූ කටාර් දේශයේ Lusail පාපන්දු ක්‍රීඩාංගණයේ දී ඊයේ ශ්‍රී ලංකා සහ කටාර් 23න් පහළ කණ්ඩායම් සුහද පාපන්දු තරගයක් ක්‍රීඩා කළා.

මෙම තරගයේ පළමු අර්ධය තුළ කටාර් ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට තිබූ පීඩනය තරමක් ඉහළ නැගුණා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී රාහුල් සුරේශ් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟ තරගයේ ගෝල සංඛ්‍යාව සම මට්ටමට පැමිණියා.

මේ අනුව තරගය සම තත්වයෙන් අවසන් වූ අතර, සාපේක්ෂව පාපන්දු ලෝක කුසලාන වරම් පවා හිමි කරගත් දේශයක කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් මෙහි දී දැක්වූ දස්කම් කැපී පෙනුණා. එමෙන්ම ලොව ඉහළ පිළිගැනීමක් ඇති පාපන්දු ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් ලද අත්දැකීම ද ඔවුන්ට අගනා අවස්ථාවක් වූ බව නොරහසක්.

දෙස්, විදෙස් පාපන්දු පිටිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>