කවිජ ගමගේ ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 130ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය 4-3ක් ලෙසින් ලබා ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වුණා.
Antigua Antigu හී ශ්‍රීමත් Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (15) නිමා වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 26ක තරගයක් බවට පත් වෙනවා. ඒ අනුව උරගා බැලුණ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 180කට සීමා වූ අතර සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 62ක් පමණයි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් 3ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයේ දී කණ්ඩායම හා එක් ව සිටි සෙනුජ වැකුණුගොඩ, ජේසන් ප්‍රනාන්දු සහ තරුෂ නවෝද්‍ය වෙනුවට සනුජ නිඳුවර, ආදම් හිල්මි සහ පුලීෂ තිලකරත්න එක් කර තිබුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයේ දී වෙනස්කම් 4ක් සිදුකර තිබු අතර ඒ අනුව Micah Greenidge, Jonathan Van Lange, Shaquan Belle සහ Jakeem Pollard වෙනුවට Matthew Miller, Pajay Nelson, Isra-el Morton සහ Vitel Lawes එක්කර කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), විරාන් චමුදිත, දිමන්ත මහවිතාන, කවිජ ගමගේ, සනුජ නිඳුවර, සෙත්මික සෙනෙවිරත්න, චාමික හීනටිගල, ආදම් හිල්මි (කඩුලු රකින්නා), රසිත් නිම්සර, පුලීෂ තිලකරත්න, විග්නේශ්වරන් ආකාශ්.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Joshua Dorne (නායක), Tyriek Bryan, Zachary Carter, Earsinho Fontaine, Afraz Ali Budhoo, Brendan Boodoo, Matthew Miller, Pajay Nelson (කඩුලු රකින්නා), Aadian Racha, Isra-el Morton සහ Vitel Lawes
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක විමත් දින්සර සහ කවිජ ගමගේ අර්ධ ශතක ඉනිම් ගොඩ නැගීමට සමත් වෙනවා. කවිජ ගමගේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර විමත් දින්සර ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 85ක සබඳතාවක් ද එක් කරනවා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත එක් ව පළමු කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 48ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එහි දී දිමන්ත මහවිතානගේ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ විරාන් චමුදිත පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Isra-el Morton ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Joshua Dorne කඩුල්ලක් දවා ගත්තා.
- ශ්‍රී ලංකාව අසීරුවෙන් ජයග්‍රහණය කරා යයි!
- පුලිඳු පෙරේරා ගෙන් පිට පිට ශතක ඉනිම් ත්‍රිත්වයක්
- විග්නේශ්වරන්ගේ උත්සාහය අපතේ යයි
- ශ්‍රී ලංකාව පාකිස්තානයේ තුන්කොන් T20 තරගාවලියකට
- පරාජිත තරගයට කවිජගෙන් ශතකයක්
තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය වෙත පැවැරී තිබූ බැවින් බටහිර ඉන්දීය කොදෙව්වෝ ඉනිම ආරම්භ කරන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් වෙනුවෙන්.
පන්දු 156කින් සීමා වූ එම ඉනිම පන්දු 86ක් තුළ අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී පළමු කඩුලු 4 ලකුණු 24ක් තුළ දවා ගත් සෙත්මික සෙනෙවිරත්න සහ රසිත් නිම්සර බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පාලනය පළමුවෙන් ම සියතට ගන්නවා.
අනතුරු ව මැද පෙළ පිතිකරුවන්ට ද එතරම් ම රඟන්නට ඉඩ නොදීමට කවිජ ගමගේ සහ විග්නේශ්වරන් ආකාශ් සමත් වෙනවා.
තරගය අවසන් වන විට කවිජ ගමගේ ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ් සහ සෙත්මික සෙනෙවිරත්න කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්තා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Joshua Dorne. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත් අතර ඊට අමතර ව Pajay Nelson පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 180 (26.0) දිමන්ත මහවිතාන 20, විරාන් චමුදිත 25, කවිජ ගමගේ 51, විමත් දින්සර නොදැවී 58, Isra-el Morton 3/30
- බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 62 (14.2) Joshua Dorne 16, සෙත්මික සෙනෙවිරත්න 2/20, රසිත් නිම්සර 2/09, කවිජ ගමගේ 4/09, විගේනේශ්වරන් ආකාශ් 2/12
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 130ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















