හර්ෂිතාගෙන් නැවතත් ශතකයක්

SLC Major Club Women 50 Over Tournament 2025 

92
SLC Major Club Women 50 Over Tournament 2025 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කළ Navy SC කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම නැවතත් ශතක සමාජයට එක් වුණා.

ඒ අද (11) නිමා වූ Colts CC කණ්ඩායම හා සමඟ තරගයේදීයි. එහි දී ඇය පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. ඊට අමතර ව ඇය, නිලක්ෂණා සඳමිණි හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 167ක දී ලකුණු 119ක සබඳතාවක් ද එක් කළා. නිලක්ෂණා සඳමිණි ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 94ක දී හතරේ පහර 4ක් සමඟින් 61ක්.

මේ අතර Air Force SC කණ්ඩායමේ මල්කි මදාරා Ace Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 11කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Navy SC සහ Colts CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – කඩුලු 4ක් දැවී 235 (50.0)නිලක්ෂනා සඳමිණි 61, හර්ෂිතා සමරවික්‍රම 112, දැහැමි සෙනෙත්මා 18
  • Colts CC – සියලුම දෙනා දැවී 41 (19.4) චමෝදි දේවින්ද්‍යා 25, සත්‍යා සංදීපනී 4/18, ඉනෝකා රණවීර 4/16

Navy SC කණ්ඩායමට ලකුණු 194ක ජයක්.

CCC සහ Chilaw Marian CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • CCC– සියලුම දෙනා දැවී 109 (39.1)යශෝධා සේනාරත්න 24, විශ්මි සොයිසා 28, සුභද්‍රා සවනි 21, දෙව්මි විහංඟා 4/17, චමරි අතපත්තු 2/11
  • Chilaw Marian CC – කඩුලු 3ක් දැවී 117 (26.5)දෙව්මි විහංඟා 33, ඉමේෂා දුලානි නොදැවී 37, මනුදි නානායක්කාර නොදැවී 27, මදාරා සමරකෝන් 2/23

Chilaw Marian CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.

Panadura SC සහ Army SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC– සියලුම දෙනා දැවී 90 (39.5)අශානි කෞශල්‍යා 33, අචිනි කුලසූරිය 3/16, නිමාෂා මදුශානි 4/13
  • Army SC – සියලුම දෙනා දැවී 77 (28.0)නිලක්ෂිකා සිල්වා 31, චේතනා විමුක්ති 2/14, යසන්ති හේරත් 3/19, පියුමි වත්සලා 2/05, රිශ්මි සංජනා 3/06

Panadura SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්.

Baduraliya CC සහ SSC අතර තරගය, මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya CC – කඩුලු 6ක් දැවී 245 (50.0)විහාරා සෙව්වන්දි 24, උමයංගා පීරිස් 26, චමෝදි හේරත් 2/16, සනුකි පතිරගේ 3/23, චමර් ලක්ශානි 2/13
  • SSC– සියලුම දෙනා දැවී 114 (39.0)ලිහිනි අප්සරා 19, චතුරානි ගුණවර්ධන 27, අමා කාංචනා 25, හිරුණිකා නිවර්තනී 4/23, උමයංගනා පීරිස් 2/14

Baduraliya CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 23ක ජයක්.

Air Force SC සහ Ace Capital CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Air Force SC – කඩුලු 9ක් දැවී 87 (30.2)හිරුෂි පීරිස් 22, සඳනි තිවංකා 21, යෙසලි ජිතාරා 2/19, දේවගී ජෙගනාතන් 3/17, වනීසා රොද්‍රිගෝ 3/14
  • Ace Capital CC– සියලුම දෙනා දැවී 40 (16.0)යෙසලි ජිතාරා 13, මල්කි මදාරා 5/11, තාරුකා ශෙහානි 2/08

Air Force SC කණ්ඩායමට ලකුණු 47ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<