ප්‍රතිවාදීන් අවසන් මොහොතේත් තරගයේ රැඳවූ පොලිස් සහ CH මෙහෙයුම

542
ඩයලොග් රග්බි ලීගයේ අවසන් මහා තරගයට සති තුනකට පෙර සතියේදී මහනුවරට වැඩිම අභියෝගයක් වූ කණ්ඩායම බවට CH කණ්ඩායම පත්වුණා. ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින පොලිස් ක්‍රීඩා සමාජය, දෙවන ස්ථානය ගෙන සිටි හැව්ලොක් ක්‍රීඩකයන්ව අපහසුතාවයට පත්කරද්දී, ගුවන් හමුදාව විසින් යුධ හමුදාව පරාජය කරනු ලැබුවා. නාවික හමුදාවට CR එතරම් අභියෝගයක් වුණේ නැහැ.