LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 27 වැනිදා බොහෝ අභියෝග මැද ආරම්භ වීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් රසික සියලු දෙනාට සුබ පණිවිඩයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වගේ ටූනමන්ට් එකක් තියන්න කලින් ගොඩක් උත්සහ කරත්, ඒවා එතරම් සාර්ථක ඒවා වුණේ නම් නෑ.
අන්තිමේට…

සල්ලි
බාග වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ක්‍රිකට් කියන්න ක්‍රීඩාවක් ඒකට සල්ලි වැදගත් නෑ කියලා. ඒත් 1970-80 ගණන්වල ක්‍රිකට් නෙමෙයි අද තියෙන්නේ කියන එකත් අපි මතක තියා ගන්න ඕනි. ක්‍රිකට් තරගයක් කියන නිෂ්පාදනය අපිට සරලව වර්ග කරන්න පුළුවන් Fast Moving Consumer Good (FMCG) විදියට. ටුවින්ටි ඕවර් මැච් එකක් ගත්තොත් පැය 3යි. සමහර විට මේ නිර්වචනය තියරි විදියට වැරදි වෙන්න පුළුවන්. ඒත් ක්‍රිකට් කියන්නේ නිෂ්පාදනයක්. එම නිෂ්පාදනය වෙළඳපොලේ අලෙවි කිරීමෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා මුදල් ආයෝජනය වෙන්නේ. සරලව කීවොත් ක්‍රීඩකයන්ට මුදල් ගෙවන්නේ, පාසල් ක්‍රිකට් දියුණු කරන්නේ, ග්‍රවුන්ඩ්ස් බලාගන්නේ මේ මුදල් වලින්. ඉතින් LPL කියන්නේත් නිෂ්පාදනයක්. අපි, ඒ කියන්නේ ක්‍රිකට් බලන අය තමා මේ නිෂ්පාදනයේ අන්තිම පාරිභෝගිකයෝ. ඉතින් අපි දක්වන ප්‍රතිචාරය මත තමා මේ තරගාවලිය සාර්ථක ද නැද්ද කියලා කියන්න වෙන්නේ.
සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් ලීග් එකක් ගත්තොත් ආදායම් උපයන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා.
- Broadcasting Rights (මාධ්‍ය විකාශන අයිතීන් අලෙවිය)
- Licensing (අයිතීන් අලෙවිය – උදා-කණ්ඩායම් අයිතීන්, සන්නාම අයිතීන්)
- Sponsorships (අනුග්‍රාහක දායකත්වයන්)
- Gate Sales (ප්‍රවේශපත්‍ර විකිණීම)
ඉතින් මෙවර තරගාවලිය ගත්තොත් අපිට පේන සංවිධායකයන්ට තියෙන ප්‍රධාන අභියෝගයක් තමා මේ තරගාවලිය Gate Sales ආදායම නොමැතිව පැවැත්වීම. ඒ වගේම තරගයක් අතරතුර ඒකේ උස් පහත් වීම් එක්ක ප්‍රේක්ෂකයන් දක්වන හැඟීම් නොමැති වීමත් පාඩුවක්. ඒත් තියෙන තත්වෙත් එක්ක මේ තරගාවලිය කොහොම හරි තියෙන එකත් වැදගත්.
ටූනමන්ට්ස්
ක්‍රිකට් සම්බන්ධව ලෝක මට්ටමේ අද වන විට ප්‍රධාන ටූනමන්ට්ස් කීපයක් තියෙනවා. උදාහරණ කියන්න ඕනි නෑ ඔයාලා දන්නවා. ඒත් ව්‍යාපාර මට්ටමෙන් අපි බලන්න ඕනි අපිට තරග කරන්න පුළුවන් කවුරු එක්ක ද, මොන වෙළඳපොළ කොටසට ද (Market Segment) කියන එක. බැරි වෙලාවත් අපි හිතුවොත් අපේ direct competitor වෙන්නේ IPL කියලා මේ තරගාවලියට ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟ හැරෙනවා කියන එක තමා මගේ අදහස. ඒකට හේතුව තමා IPL එකේ ආයෝජන මට්ටමත් එක්ක ගත්තාම අපිට එතරම් තරගකාරි වාසියක් නෑ. ඉන්දියාවේ තියෙන වාසිය සල්ලි නම් නෙවෙයි. ඒ තමා ඒ රටේ ඉන්න ක්‍රිකට් රසිකයෝ (වෙළඳපොළ). ඒ මට්ටමේ වෙළඳපොළක් ලංකාවට දේශීය මට්ටමෙන් නෑ. අපිට තියෙන වෙළඳපොළ මට්ටම එක්ක ගත්තාම සාධාරණ තරගකරුවන් විදියට ගන්න පුළුවන් Caribbean Premier League (CPL), සහ Bangladesh Premier League (BPL) තරගාවලි දෙක.
සාධාරණ තරගකරුවන්

Caribbean Premier League (CPL) තරගාවලියට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා ලොකුම ක්‍රිකට් වෙළඳපොළ වුන දකුණු ආසියාව හා ඔවුන්ගේ කලාපය අතර තියෙන කාල පරතරය. ඉතින් ඔවුන් මෙවර තරගාවලියේ කාලසටහන ඉන්දීය වෙලාවන් වලට ගැළපෙන විදියට හදලා තිබීම කැපී පෙනෙනවා. ඉතින් ක්‍රිකට් වගේ ගෝලීය වෙළඳපොළක් තියෙන නිෂ්පාදනයක් තම නිෂ්පාදනය තම ඉලක්ක වෙළඳපොළට අනුව වෙනස් කරලා තියෙන එක LPL සංවිධායකයන්ටත් වැදගත් වෙනවා.
ඒ වගේම Caribbean Premier League (CPL) තරගාවලියට ඔවුන් ඉතා ආකර්ෂණීය තේමාවක් ලබා දීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ තමා ‘The Biggest Party in Sports’. ඉතින් කැරිබියන් දූපත්වල බොහෝ දෙනා ඉතා විනෝදශීලී වීම භාවිතා කරමින් තරගාවලියේ බ්‍රැන්ඩ් එක ගොඩනගා ගැනීම ඉතාමත් සාර්ථක උපක්‍රමයක් වෙලා තියෙනවා. එක වෙලාවක තිබුණ interview එකක දි රසිකයෙක් පවා කියනවා ඔවුන් තරගාවලිය නරඹන්න එන්නේ තරගයට වඩා තියෙන party theme එක නිසා කියලා.
සමහරු හිතන්න පුළුවන්, ක්‍රිකට්වලට මේ මොකද වෙලා තියෙන්නේ කියලා, නමුත් මේ tactics වලින් ක්‍රිකට්වලට පුළුවන් වෙලා තියෙනවා වෙනදා ක්‍රිකට් බලන් නැති පිරිසක් ක්‍රිකට් වලට ඇද ගන්න.
ලෝකේ ලොකුම ක්‍රිකට් වෙළඳපොළ වුන ඉන්දියාව පවා අද වන විට විමෙන්ස් T20 චැලෙන්ජ් වැනි කෙටි තරගාවලියක් පවා පැවැත්වීමට එක හේතුවක් තමා කාන්තාවන් ක්‍රිකට් බලන්න පොඩි තල්ලුවක් දෙන්න. එක අතකින් ක්‍රිකට් දියුණු වෙනවා වගේම නිෂ්පාදනයක් විදියට තමන්ගේ වෙළඳපොළ කොටස වැඩි කර ගන්න මේ උපක්‍රම බලපානවා. Business වල පොඩි කතාවක් තියෙනවා කාන්තාවන් හා ළමුන් යම් නිෂ්පාදනයක් value කරනවා නම් ඒ නිෂ්පාදනය සාර්ථක වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා කියලා.
#Trending
ඉතින් Trending මට්ටමේ තියෙන කාන්තා ක්‍රිකට් ගැනත් LPL concept එක ඇතුළෙම අවස්ථාවක් දීම වැදගත් වගේම ඕනි වෙනවා.

තරගකාරීත්වය

අන්තිමේට… අන්තිමේට…
මේ ටූනමන්ට් එක තාම තියෙන්නේ පටන් ගත්ත ගමන් නිසායි තාම අපි මැච් එකක්වත් දැකලා නැති නිසයි ටූනමන්ට් එක ගැන ලොකු අදහසක් දෙන්න අමාරුයි. ඒත් අපි හිතනවා කණ්ඩායම් දිහා බලපුවාම තමා කණ්ඩායමකට ක්‍රීඩකයන් අපේ රටේ ඉන්නවා කියලා. ඉතින් තවත් කණ්ඩායමක් ඉදිරි වසරවල එකතු කරන්න පුළුවන් වුනොත් අපි නොදන්න දක්ෂ players ලා තව ගොඩකට අවස්ථාව ලැබේවි.
Photos- Getty Images
*සැලකිය යුතුයි: මෙම ලිපියේ දැක්වෙන අදහස් සහ මත කතුවරයාගේ අදහස් වන අතර ThePapare.com හි නිල ප්‍රතිපත්ති හෝ ස්ථාවරය ඉන් පිළිබිඹු නොකරන බව සලකන්න.
ඔබටත් ක්‍රිකට් ගැන මතයක් තියෙනවා නම්, එයට Free Hit තුලින් ඉඩක් ලබා දෙන්න සූදානම්. ලියන්න අපිට [email protected] .






















