වර්ෂ 1989 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් සනත් ජයසූරිය දක්ෂ, ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක්. ඔහුගේ ඒ ප්‍රහාරාත්මක පිතිකරණ විලාසය නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඔහුව ආමන්ත්‍රණය කළේ “මාස්ටර් බ්ලාස්ටර්” යන අන්වර්ථ නාමයෙනි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 445ක් ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග 586 ක්‍රීඩා කරමින් මුළු ලකුණු 21,032ක් රැස්කරගත් ජයසූරිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද විශාල මෙහෙයක් සිදු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් අනගි මෙහෙයක් ඉටුකළ ජයසූරිය කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා සිය ක්‍රීඩා දිවියේ කළ කී දෑ ඇතුළු සිදුවූ සොඳුරු අතීත සොඳුරු මතකයන් ඔහුගේ මුවින්ම අප සමඟ මෙසේ අවදි කළේ ඉතාමත් සුහදත්වයෙනි. එසේ නම් නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දෙවන දිගහැරුම.


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














