මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව පැවැති පළමු විස්සයි විස්ස තරගයේ දී බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නදුන් ජයලත් අර්ධ ශතකයක් වාර්තා කළා.
මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් සංචාරක ක්‍රීඩකයන්ට එරෙහි ව බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.
කාසියේ වාසිය දිනා ගත් ජපාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී තවත් පන්දු 2ක් ඉතිරි ව තිබිය දී එම ඉලක්කය සපුරා ගන්නවා.
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්නිත් සිගේරා (නායක), අවිශ සමාශ්, නෙතුල එදිරිමාන්න, නදුල් ජයලත්, රිශ්ම අමරසිංහ (කඩුලු රකින්නා), මානස මදුභාෂණ, දුනික් පෙරේරා, මල්ශ ප්‍රනාන්දු, රීඩ් කරීම්, මෙවන් දිසානායක සහ චමත්ක දෙනුවන්.
ජපාන ක්‍රිකට් කණ්ඩායම
Kendel Kadowki Fleming (නායක), Declan Suzuki, Abhishek Anand, Sabaorish Ravichandran, Benjamin Ito, Alexander Shirai Patmore, Ibrahim Takahashi, Makota Taniyama, Abdul Samad, Wataru Miyauchi සහ Kazuma Kato – Stafford
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන කණ්ඩායම තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නවා. ඔවුන්ගේ 1 වැනි කඩුල්ලට පන්දු 35ක දී එකතු වූ ලකුණු සංඛ්‍යාව 31ක්. එහි දී Declan Suzuki පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.
නායක Kendel Kadowki Fleming ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. ඔහු ඒ වෙනුවෙන් ප්නදු 29කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද ඊට එක් කරනවා.
අනතුරු ව Abhishek Anand පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ Sabaorish Ravichandran පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගන්නවා.
ජපාන ඉනිම අවසන් වෙද්දී Alexander Shirai Patmore පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ Ibrahim Takahashi පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අවසන් පන්දුවාර ත්‍රිත්වයේ දී ලකුණු 42ක් ලබා ගන්නා ලද අතර ඉනිම අවසන් වන විට 6 වැනි කඩුල්ලට පන්දු 23ක දී නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 50ක්.
කඩුලු දවා ගැනීමේ දී මානික්‍ය දේශප්‍රිය ලකුණු 29කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර දුලිනිත් සිගේරා, මානස මදුභාෂණ සහ දුනික් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.
- 23න් පහළ නැගී එන කණ්ඩායම් තරගාවලිය 5 වැනිදා සිට
- ජපාන ක්‍රිකට් ඉලක්ක වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය
- හර්ෂිතා පළමු ශතකය වාර්තා කරයි
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට
- 2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බස්නාහිර පළාත් ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය පළමු පන්දු වාරයේ දී ම දවා ගැනීමට ජපාන කණ්ඩායමට හැකි වෙනවා. ඒ වෙද්දී බස්නාහිර පළාත් ඉනිම කියැවුණේ ලකුණු 3ක් ලෙසයි.
එම අවස්ථාවේ දී ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා සහ නදුල් ජයලත් එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 21ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී දුල්නිත් සිගේරා පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.
නදුල් ජයලත් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර ඔහු සිව් වැනි කඩුල්ලට රිශ්ම අමරසිංහ (0) හා එක් ව පන්දු 14ක දී ලකුණු 20ක් ද සහ මානස මදුභාෂණ හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා.
මානස මදුභාෂණ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර ඔහු දුනික් පෙරේරා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 35ක් ද එක් කරනවා.
දුනික් පෙරේරා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා. තරගය ජයග්‍රහණයෙන් අවසන් අවසන් වෙද්දී මල්ෂ ප්‍රනාන්දු පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් ද සහ රීඩ් කරීම් පන්දු 4කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ද ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී Sabaorish Ravichandran, Benjamin Ito සහ Abdul Samad කඩුලු ද්විත්වය බැගින් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ජපානය – කඩුලු 5ක් දැවී 153 (20.0) Kendel Kadowki Fleming 29, Abhishek Anand 29, Alexander Shirai Patmore නොදැවී 23, Ibrahim Takahashi නොදැවී 27, මානික්‍ය දේශප්‍රිය 2/29
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 154 (19.4) නදුල් ජයලත් 51, මානස මධුභාණණ 28, දුනික් පෙරේරා 28, Abdul Samad 2/23, Benjamin Ito 2/19, Sabaorish Ravichandran 2/13
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ 2 වැනි තරගය අද (03) මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<