නව වසර වෙනුවෙන් පාපන්දු ලීගය ආරම්භ වෙයි

Champions League Sri Lanka 2025/26

15
Champions League sri lanka

2025/26 Champions League පාපන්දු තරගාවලියේ සිව්වැනි සතියේ තරග ඊයේ (05) නිමාවට පත් වුනා.

2026 වසර සඳහා ලීගයේ පළමු සතිය ලෙස මෙම සතියේ තරග ක්‍රියාත්මක වූ අතර, එම තරග විස්තර පහතින් දැක්වෙනවා.

සෙනසුරාදා (ජනවාරි 03)

Pelicans SC සහ SL Police SC

මෙම වසරේ පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ ගෝලයක් වාර්තා කිරීමට Pelicans විසින් සමත් වූ අතර, පොලිස් ක්‍රීඩකයින් විසින් ගෝල අවස්ථා වෙනුවෙන් උත්සාහ කළත් ඒවා සාර්ථක වුනේ නැහැ.

තරගයේ දෙවැනි අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වීම නිසා Pelicans කණ්ඩායමට තරගයේ ජය හිමි වුනා.

  • Pelicans SC 1 – Police SC 0

Negambo Youth SC සහ Serendib SC

සෙනසුරාදා දිනයේ දෙවැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Serendib කණ්ඩායම සමත් වුනා.

  • Serendib SC 1 – Negambo Youth SC 0

ඉරිදා (ජනවාරි 04)

Crystal Palace සහ New Star SC

මෙම තරගයේ පළමු අර්ධය තුළ New Star කණ්ඩායම විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම අර්ධය තුළ Crystal Palace වෙතින් එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.

තරගයේ දෙවැනි අර්ධය නම් සම්පූර්ණයෙන්ම පාහේ New Star කණ්ඩායමට නතු වූ අතර, ඔවුන් එහි දී තවත් ගෝල පහක් වාර්තා කිරීමට සමත් වුනේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි.

Super Sun SC සහ Matara City SC

ඉරිදා දිනයේ දෙවැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ Super Sun ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් මෙම අර්ධය Matara City කණ්ඩායමෙන් එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට Matara City ක්‍රීඩකයින් සමත් වුනේ ගෝල ද්විත්වයක් වාර්තා කරමිනුයි. ඒ අනුව තරගයේ ජය Matara City කණ්ඩායමට හිමි වුනා.

  • Matara City SC 2 – Super Sun SC 1

සඳුදා (ජනවාරි 05)

SLTB SC සහ Java Lane SC

මෙම තරගය ආරම්භයේ පටන් ම Java Lane ක්‍රීඩකයින් විසින් තරගයේ පෙරමුණ ගැනීමට සූදානම් බව ඉඟි කරමින් සිටියා. තරගයේ පළමු අර්ධය තුළ Java Lane විසින් ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ගෝල ද්විත්වයක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

  • Java Lane SC 5 – SLTB SC 0

St.Mary’s SC සහ Moragasmulla SC

මෙම සතිය සඳහා අවසන් තරගය ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර, එහි දී තරගයේ පළමු අර්ධයේ දී St. Mary’s ක්‍රීඩකයින් එක් ගෝලයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, මොරගස්මුල්ල ක්‍රීඩකයින් විසින් සමස්ත තරගය පුරාවටම එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට සමත් වුනේ නැහැ.

ඒ අයුරින් ලීගයේ සිව්වැනි සතිය නිමාවට පත් වනවා. මේ වන විට ලීගයේ A කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට New Star කණ්ඩායම සමත් වී සිටින්නේ සිය අපරාජිත බවද තවදුරටත් රැක ගනිමිනුයි. එහි දෙවැනි ස්ථානය Serendib කණ්ඩායමට හිමි වනවා. මේ අතර B කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානය St Mary’s කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇති අතර, Pelicans කණ්ඩායම දෙවැනි තැන රැඳී සිටිනවා.

දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>