මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය මේ මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, ටර්මකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සත්කාරක බංග්ලාදේශය යන රටවල් සහභාගී වන බවට ස්තීර කර තිබෙනවා.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තරග කාලසටහන
- ඔක්තෝබර් 22 වැනිදා පස්වරු 1.00ට ඇෆ්ගනිස්තානය සමඟ
- ඔක්තෝබර් 23 වැනිදා පෙරවරු 11.00ට ටර්මකිස්තානය සමඟ
- ඔක්තෝබර් 24 වැනිදා පස්වරු 5.00ට බංග්ලාදේශය සමඟ
- ඔක්තෝබර් 26 වැනිදා පස්වරු 2.30ට මාලදිවයින සමඟ
- ඔක්තෝබර් 27 වැනිදා පෙරවරු 11.00ට නේපාලය සමඟ
2022 වසරේ දී පළමුවරට ආරම්භ වූ මෙම තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව මෙවර සහභාගී වෙන්නේ 3 වැනි වතාවටයි. ඊට පෙර 2022 වසරේ දී සේ ම 2024 වසරේ දී ද සහභාගී වෙන ඔවුන් තරගාවලිය නිමා කරන්නේ සිව් වැනි ස්ථානය ලබා ගනිමින්.
නිමා වූ ආසන්ත ම තරගාවලියේ ශූරතාව ඉරානය විසින් දිනා ගත් අතර ඉන්දියාව අනුශූරයන් ලෙසින් අභිශේක ලැබුවා.
- කාන්තා කණ්ඩායම ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබයි
- මොංගෝලියාව පරාජය කළ ශ්‍රී ලංකාව, තායිලන්තයට පරාජය වෙයි
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
- වෙළඳ සේවා වොලිබෝල් අවසන් තරග 13 – 14 දිනවල
- MAS Unichela තියුණු ජයක් ලබයි
තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම
අයේෂ් දිල්හාන් (නායක), ලසිඳු මෙත්මාල්, දීප්ති රොමේෂ්, ජී. තිලක්රාජ්, අකිඳු සත්සර, ලහිරු මධුවන්ත, චරිත උදයංග, මංජුල නලීන්, ශෂී ලක්ෂාන්. වසන්ත ලක්මාල්, නලීන් සංජීව, දුලංජන් සංදීප, මොහොමඩ් තිහීර්, විමුක්ති සාගර
නිලධාරීන්
තෙනුක මලින්ද (කළමණාකරු), කාලික වසන්තප්‍රිය (ප්‍රධාන පුහුණුකරු), මිල්රෝයි තිසේරා (සහාය පුහුණුකරු), ෂමිල් මලින්ද (අභ්‍යාසක)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















