WATCH – “නිෂාන් ගැන කලින්ට වැඩිය ලොකු බලාපොරොත්තුවක් තියෙනවා” – චරිත් අසලංක #SLvWI

658

ශ්‍රී ලංකාව සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (ඔක්තෝබර් 26) සමත් වුණා. කෙසේ වෙතත් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්කම් දැක්වූවා. ඒ පිළිබඳව තරගයෙන් පසු ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් පැවසුවා.