Video – සුද්දාගේ කර මතින් ගිය බලපිටියේ වීරයා – පර්සි අබේසේකර | Legends

4424

ඔබ ක්‍රිකට් ලෝලියෙක් නම් මේ සොඳුරු මිනිසා ඔබ නිසැකවම ක්‍රීඩා පිටිය තුල දැක ඇතුවාට සැකයක් නැහැ. තමන්ගේ ජීවිතයෙන් හරි අඩක්ම මව්බිම වෙනුවෙන් සිංහ ධජය සිය උර මත තබා ගෙන එදා මෙදාතුර ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් දිරි ගැන්වූ ඔහු නමින් වලිමුණි ඩෙන්හම් පර්සි ජිම්සන් මෙන්ඩිස් අබේසේකර නොහත් ලාංකීය රසිකයින් හඳුනන “පර්සි අබේසේකර” යි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. සිංහ කොඩිය අතේ දරාගෙන කිසිවෙකුට හිස නොනවමින් ඔහු අභීතව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පෙනී සිටියා. මේ රෙක්ස් ක්ලෙමන්ටයින් පර්සි අබේස්කෙර සමඟ පැවැත්වූ Legends වැඩසටහන.