Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් වලට සැරසේ

427

Covid-19 වසංගත තත්ත්වය නිසා මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව නවතා දැමුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීති රීතිවලට අනුකූලව අද (ජුනි 01) සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. එහි මූලික පියවරක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින්ව දැනුවත් කිරීම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කළා.