ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය 4 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගයට පසු පැවති මාධ්‍ය හමුවේ දී කුසල් පෙරේරා මෙසේ සිය අදහස් පවසා සිටියා.















