මහියංගනය ජාතික පාසල සහ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති ලංකාපුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 69ක ජයග්‍රහණයක් ලබා ගත් මහියංගනය ජාතික පාසල පසුගිය වසරේ දීනූ ලංකාපුර කුසලානය නැවත වතාවක් තමන් සතු කර ගැනීමට සමත් වුණා.
මහියංගනය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහියංගනය ජාතික පාසල් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 128ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 59ක් පමණයි.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයීය නායක සචින්ද්‍ර චමෝද් ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ මහියංගනය ජාතික පාසලයි.
ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඉනිමේ හරි අඩක් අවසන් වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4කට ලකුණු 62ක් ලෙසයි. කෙසේ වෙතත් කඩුලු 5ක් දැවී යද්දී ලකුණු පුවරුවට ලකුණු 100ක් ගෙන ඒමට ඔවුන් සමත් වෙනවා.
එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු බවට පත් වූයේ කවීෂ ගිම්හාන්. ඔහු ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.
ඔහුට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 19ක් සහ විදත් හර්ෂණ පන්දු 33කට මුහුණ දෙමින් ලකුණු 14ක් ද ලබා ගත් අතර ඊට අමතර ව ඔවුන්ට අතිරේක ලකුණු 25ක් ද එක් වෙනවා. .
පිතිකරුවන් 7 දෙනෙක් ම තනි ලකුණුවලට සීමා වූ එම ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වූයේ සදෙව් සත්සර. ඔහු ලකුණු 38කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව මෙතුන් සුවහස් සහ තිවංක පියුමාල් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- නොවිසඳුණ රණශූර සටනට අරෝෂ ගෙන් ශතකයක්
- ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය කෝට්ටේ සටන ජය ගනී
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- කවිජගේ තුන් ඉරියව් දස්කම් සමඟ කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 68 අතීතය වෙනස් කරයි!
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී චේතිය ඩිල්ශාන් සහ විදත් හර්ෂණ කඩුලු 3ක් බැගින් දවා ගත් අතර චමෝද් දේශාන් කඩුලු ද්විත්වයක් ලබා ගත්තා. ඊට අමතර ව දිනෙත් සහ නිම්නක අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.
ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුවාර 5 තුළ ලකුණු 15කට කඩුලු 3ක් දැවී යන අතර 10 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 30ක් පමණයි.
එලෙසින් අසාර්ථක ව ආරම්භ වූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගයාන් පසිඳු. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා සිටියා. ඊට අමතර ව චමෝද් පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 8ක් ද සහ තිවංක පියුමාල් පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 8ක් ද ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහියංගනය ජාතික පාසල – සියලුම දෙනා දැවී 128 (41.2) විදත් හර්ෂණ 14, කවීෂ ගිම්හාන් 41, ධනංජය ලක්ෂාන් 19, සදෙව් සත්සර 4/38, මෙතුන් සුවහස් 2/18, තිවංක පියුමාල් 2/20
- ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 59 (24.3) ගයාන් පසිඳු 12, විදත් හර්ෂණ 3/13, චේතිය ඩිල්ශාන් 3/22, චමෝද් දේශාන් 2/07
මහියංගනය ජාතික පාසලට ලකුණු 69ක ජයක්.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සචින්ද්‍ර චමෝද් (ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සදෙව් සත්සර (ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – කවීෂ ගිම්හාන් (මහියංගනය ජාතික පාසල)
තරගයේ වීරයා – කවීෂ ගිම්හාන් (මහියංගනය ජාතික පාසල)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















