ආසියානු ශූරතා වූෂූ වලින් ශ්‍රී ලංකාවට පදක්කම් 4ක්

245

මේ දිනවල චීනයේ නැන්ජින්ග් නගරයේ දී පැවැත්වෙන පළමු ආසියානු ශූරතා වූෂු – කුන්ග්ෆූ තරගාවලියේ දී පදක්කම් හතරක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ කණ්ඩායමට හැකි විය. එයට එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළත් විය. ආසියානු කලාපයෙන් රටවල් 20ක් පමණ මෙවර තරගාවලිය සඳහා සහභාගී වී ඇත.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය …

තරගාවලියේ Xinyiquan ඉසව්ව නියෝජනය කරමින් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් එම ඉසව්වේ පදක්කම් තුනම හිමිකර ගැනීමට සමත් විය. එහි දී බිම්සර වික්‍රමසිංහ රන් පදක්කමත්, නිසංජය විදානආරච්චි රිදී පදක්කමත්, පූර්ණ දේශාන් ලෝකඩ පදක්කමත් හිමිකර ගැනීමට සමත් විය. Nanquan ඉසව්ව නියෝජනය කරමින් තරග කළ හසාර නවරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

තරගාවලිය මේ වන විටත් පැවැත්වෙන බැවින් තවත් පදක්කම් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබේ. තරගාවලියේ පුවත් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <