කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි වරටත් පැවැති නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (14) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී විසඳුමකින් තොරව අවසන් වූවා.
මේ නිල් සටන් තරග ඉතිහාසයේ විසඳුමකින් තොරව අවසන් වූ 75 වැනි තරගයයි.
>>රාජකීය – තෝමසුන් නැවතත් “නිල”ට ගැටෙයි<<
තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබා ගනිමින් තවත් ලකුණු 41ක් පිටුපස සිටිමින් ඉනිම අත්හිට වූවා. ලද අවසරයෙන් 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය තරගය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියා.
තරගයේ අවසන් දිනය ආරම්භ වෙන්නේ රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු 175ක් සමඟිනුයි. ඒ වෙද්දී රමිරු පෙරේරා නොදැවී ලකුණු 70ක් ලබා සිටි අතර අද ඔහුට ඊට තවත් එකතු කිරීමට හැකි වෙන්නේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව ඔහු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 82ක් ලබා සිටිය දී දැවී ගියා.
ඊට අමතර ව දුශේන් උඩවෙල පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 60කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අභීත පරණවිදාන කඩුලු 2ක් ද, ලුදීශ මාතරගේ සහ රෙශෝන් සොලමන්ස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
ප්‍රතිවාදීන් ගේ ආරාධනාව අනුව ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමට පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු ජේඩන් අමරවීර ශතකයක් ලබා ගන්නවා.
ඔහු තරගය අවසන් වන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා.
ඊට අමතර ව මෙතුක ගුණරත්න පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මහිරු කොඩිතුවක්කු සහ ගගන ගමගේ කඩුලු ද්විත්වය බැගින් ද, හිමරු ද සිල්වා සහ රමිරු පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (124.1) ජේඩන් අමරවීර 52, අවිනාශ් ප්‍රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, රෙශෝන් සොලමන්ස් 66, රපියෙල් හෙට්ටිගේ 20, ලුදීශ මාතරගේ 23, ගගන ගමගේ 4/49, සෙහඳු සූරියආරච්චි 3/64, හිමරු ද සිල්වා 2/43
- රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 261 (86.0) රෙහාන් පීරිස් 63, රමිරු පෙරේරා 82, දුශේන් උඩවෙල 33, ගිම්හාන් මෙන්ඩිස් 4/60, අභීත පරණවිදාන 2/60
- සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 176 (55.4) ජේඩන් අමරවීර නොදැවී 100, මෙතුක ගුණරත්න 21, ගගන ගමගේ 2/37, මහිරු කොඩිතුවක්කු 2/05
තරගයේ විසඳුමක් නෑ.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – උදන්ත ගන්ගෙවත්ත (රාජකීය විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ගගන ගමගේ (රාජකීය විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – ජේඩන් අමරවීර (සාන්ත තෝමස් විද්‍යාලය)
තරගයේ වීරයා – ජේඩන් අමරවීර (සාන්ත තෝමස් විද්‍යාලය)
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Robinson Uthayakumar Johnson | b Selvakumar Smith Zenari | 41 | 54 | 1 | 0 | 75.93 |
| Supesan Thaksikan | run out () | 7 | 42 | 0 | 0 | 16.67 |
| Katheeswaran Nicksan | c Robinson Bearly Denowan b Mathiyalagan Steef Adhithya | 4 | 21 | 0 | 0 | 19.05 |
| S K Hamish Harmishon | c Premanayakam Mathusan b Mathiyalagan Steef Adhithya | 61 | 187 | 4 | 0 | 32.62 |
| Vasuthevan Vishnugoban | b Japinson Kemishan | 3 | 31 | 0 | 0 | 9.68 |
| Uthajaraja Kenreksan | c S Nishanthan Harin Adrian (WK) b Japinson Kemishan | 31 | 96 | 2 | 0 | 32.29 |
| Sasikaran Ashmin | c S Nishanthan Harin Adrian (WK) b Premanayakam Mathusan | 0 | 6 | 0 | 0 | 0.00 |
| Anushanthan Harmishan | not out | 14 | 26 | 0 | 0 | 53.85 |
| Suresh Kabishan | b Japinson Kemishan | 1 | 6 | 0 | 0 | 16.67 |
| Antony Rithman Abinaath | b Mathiyalagan Steef Adhithya | 0 | 3 | 0 | 0 | 0.00 |
| Thivakaran Nakeswaran | lbw b Mathiyalagan Steef Adhithya | 0 | 2 | 0 | 0 | 0.00 |
| Extras | 14 (b 7 , lb 5 , nb 0, w 2, pen 0) |
| Total | 176/10 (80 Overs, RR: 2.2) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Premanayakam Mathusan | 10 | 0 | 23 | 1 | 2.30 | |
| Sivanathan Shehaan | 11 | 3 | 17 | 0 | 1.55 | |
| Japinson Kemishan | 17 | 4 | 29 | 3 | 1.71 | |
| Mathiyalagan Steef Adhithya | 18 | 5 | 25 | 4 | 1.39 | |
| Kammedan Lickshan | 5 | 0 | 24 | 0 | 4.80 | |
| Selvakumar Smith Zenari | 16 | 2 | 41 | 1 | 2.56 | |
| Titus Jojesh | 3 | 0 | 5 | 0 | 1.67 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sivanathan Shehaan | c Antony Rithman Abinaath b Vasuthevan Vishnugoban | 45 | 67 | 6 | 0 | 67.16 |
| S Nishanthan Harin Adrian (WK) | lbw b Vasuthevan Vishnugoban | 42 | 69 | 4 | 1 | 60.87 |
| Vimalathas Defano | c Antony Rithman Abinaath b Vasuthevan Vishnugoban | 0 | 1 | 0 | 0 | 0.00 |
| Robinson Bearly Denowan | c S K Hamish Harmishon b Vasuthevan Vishnugoban | 2 | 4 | 0 | 0 | 50.00 |
| Mathiyalagan Steef Adhithya | c Uthajaraja Kenreksan b Supesan Thaksikan | 14 | 21 | 0 | 0 | 66.67 |
| Titus Jojesh | c Robinson Uthayakumar Johnson b Thivakaran Karthikan | 34 | 48 | 0 | 0 | 70.83 |
| Premanayakam Mathusan | c Vasuthevan Vishnugoban b S K Hamish Harmishon | 1 | 3 | 0 | 0 | 33.33 |
| Kammedan Lickshan | c Antony Rithman Abinaath b S K Hamish Harmishon | 9 | 17 | 0 | 0 | 52.94 |
| Jeyarajarupan Dinulaxsan | c Thivakaran Karthikan b Vasuthevan Vishnugoban | 50 | 69 | 0 | 0 | 72.46 |
| Selvakumar Smith Zenari | b S K Hamish Harmishon | 20 | 51 | 0 | 0 | 39.22 |
| Japinson Kemishan | not out | 3 | 3 | 0 | 0 | 100.00 |
| Extras | 5 (b 1 , lb 1 , nb 2, w 1, pen 0) |
| Total | 225/10 (58.3 Overs, RR: 3.85) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Thivakaran Karthikan | 9 | 2 | 24 | 0 | 2.67 | |
| Vasuthevan Vishnugoban | 20 | 3 | 82 | 3 | 4.10 | |
| S K Hamish Harmishon | 15.3 | 1 | 51 | 0 | 3.33 | |
| Uthajaraja Kenreksan | 4 | 0 | 14 | 0 | 3.50 | |
| Anushanthan Harmishan | 5 | 0 | 28 | 0 | 5.60 | |
| Supesan Thaksikan | 5 | 0 | 24 | 0 | 4.80 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Robinson Uthayakumar Johnson | c Robinson Bearly Denowan b Premanayakam Mathusan | 7 | 20 | 0 | 0 | 35.00 |
| Supesan Thaksikan | run out (Kammedan Lickshan) | 7 | 61 | 0 | 0 | 11.48 |
| Sasikaran Ashmin | c Titus Jojesh b Premanayakam Mathusan | 49 | 90 | 0 | 0 | 54.44 |
| Katheeswaran Nicksan | c Vimalathas Defano b Selvakumar Smith Zenari | 34 | 84 | 0 | 0 | 40.48 |
| S K Hamish Harmishon | c S Nishanthan Harin Adrian (WK) b Sivanathan Shehaan | 82 | 130 | 0 | 0 | 63.08 |
| Suresh Kabishan | b Japinson Kemishan | 23 | 47 | 0 | 0 | 48.94 |
| Vasuthevan Vishnugoban | b Japinson Kemishan | 13 | 52 | 0 | 0 | 25.00 |
| Anushanthan Harmishan | c Titus Jojesh b Japinson Kemishan | 3 | 12 | 0 | 0 | 25.00 |
| Thivakaran Karthikan | c Vimalathas Defano b Premanayakam Mathusan | 0 | 4 | 0 | 0 | 0.00 |
| Uthajaraja Kenreksan | not out | 19 | 38 | 0 | 0 | 50.00 |
| Antony Rithman Abinaath | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
| Extras | 9 (b 6 , lb 1 , nb 2, w 0, pen 0) |
| Total | 246/9 (89.2 Overs, RR: 2.75) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Premanayakam Mathusan | 25 | 4 | 46 | 2 | 1.84 | |
| Mathiyalagan Steef Adhithya | 11 | 1 | 36 | 0 | 3.27 | |
| Japinson Kemishan | 26 | 5 | 66 | 0 | 2.54 | |
| Sivanathan Shehaan | 9.2 | 1 | 29 | 0 | 3.15 | |
| Selvakumar Smith Zenari | 11 | 2 | 33 | 1 | 3.00 | |
| Kammedan Lickshan | 6 | 0 | 21 | 0 | 3.50 | |
| Jeyarajarupan Dinulaxsan | 1 | 0 | 8 | 0 | 8.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sivanathan Shehaan | c Katheeswaran Nicksan b S K Hamish Harmishon | 23 | 78 | 1 | 0 | 29.49 |
| S Nishanthan Harin Adrian (WK) | c & b Anushanthan Harmishan | 40 | 72 | 2 | 0 | 55.56 |
| Robinson Bearly Denowan | c Thivakaran Karthikan b S K Hamish Harmishon | 12 | 36 | 0 | 0 | 33.33 |
| Mathiyalagan Steef Adhithya | c Robinson Uthayakumar Johnson b S K Hamish Harmishon | 12 | 43 | 0 | 0 | 27.91 |
| Titus Jojesh | not out | 10 | 24 | 0 | 0 | 41.67 |
| Selvakumar Smith Zenari | not out | 1 | 16 | 0 | 0 | 6.25 |
| Extras | 8 (b 1 , lb 1 , nb 5, w 1, pen 0) |
| Total | 106/4 (44 Overs, RR: 2.41) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Thivakaran Karthikan | 2 | 1 | 2 | 0 | 1.00 | |
| Vasuthevan Vishnugoban | 15 | 3 | 40 | 0 | 2.67 | |
| S K Hamish Harmishon | 12 | 2 | 32 | 0 | 2.67 | |
| Uthajaraja Kenreksan | 2 | 0 | 8 | 0 | 4.00 | |
| Anushanthan Harmishan | 3 | 0 | 7 | 0 | 2.33 | |
| Suresh Kabishan | 2 | 0 | 4 | 0 | 2.00 | |
| Antony Rithman Abinaath | 2 | 0 | 2 | 0 | 1.00 | |
| Robinson Uthayakumar Johnson | 3 | 2 | 2 | 0 | 0.67 | |
| Supesan Thaksikan | 3 | 0 | 7 | 0 | 2.33 | |
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















