Video – ජීවිතයෙන් අඩකට ආසන්න කාලයක් ක්‍රිකට් වෙනුවෙන් කැප කළ වමතා – රංගන හේරත්

406

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

ඒ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේත් සුවිශේෂී තරගයක් වන්නේ ලොව බිහි වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් නොහොත් “වමතා” ලෙස විරුදාවලිය ලැබූ සුපිරි හා නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයාගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වන නිසයි. රංගන හේරත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට පෙර ඔහුගේ සමකාලීන මිතුරන් දෙදෙනෙක් සමඟ සුහද පිළිසඳරකට එක්වන්නටත් අමතක කළේ නැහැ. මේ ඔහු එහි දී දැක්වූ අදහස්.