Video – මචං (Machang) EP 01 – වරුණ ලක්ෂාන් Vs සුමේධ රණසිංහ

231

ආයුබෝවන් මචං!

ක්‍රීඩාව ගැන කාලීන සාකච්ඡා, කතාබහ තැනින් තැනින් හැදෙද්දී අපි මේ සූදානම් වෙන්නේ ඔබට ක්‍රීඩාව ඇතුළේ තියෙන යාළු මිත්‍රකම්, මතකයන් අලුත්  කරගන්න පුළුවන් වැඩසටහනක් හඳුන්වා දෙන්නටයි. ඒ තමයි “මචං”.

මචං වැඩසටහනට කුළුඳුලේ එකතු වෙන්නේ වරුණ ලක්ෂාන් සහ සුමේධ රණසිංහ. මේ දෙන්නා ක්‍රීඩා පිටිය මැද දී නම් තරගකරුවෝ. දෙන්නම හෙල්ල විසිකිරීමේ ශූරයෝ. වරුණ තමයි ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලක හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වුනු පළමු ශ්‍රී ලාංකිකයා. සුමේධ කියන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා. තරගකරුවෝ වුනාට මේ දෙන්නා හොඳ යාළුවෝ.

අපි මේ දෙන්නව මචං වේදිකාවට නැග්ගුවා. දෙන්නා තමන්ගේ යාළුවා ගැන දන්නවද? නැත්නම් යාළුවා ගැන කිසිම දෙයක් දන්නේ නැද්ද? දෙන්නා උත්තර දෙන්නේ කොහොමද? අපි බලමු “මචං!”