පර්ත් නුවර ශතකයක් වාර්තා කරගත් එකම ශ්‍රී ලාංකිකයා – හෂාන් තිලකරත්න

1774

වර්ෂ 1986 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත්  හෂාන්  තිලකරත්න දක්ෂ, මැදපෙළ වමත් පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 200ක් ඇතුළුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග 283ක් ක්‍රීඩා කරමින් මුළු ලකුණු 8334ක් රැස්කරගත් තිලකරත්න ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද විශාල මෙහෙයක් සිදු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් අනගි මෙහෙයක් ඉටුකළ හා ඉටුකරමින් සිටින තිලකරත්න කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කළ කී දෑ ඇතුළු සිදුවූ සොඳුරු අතීත සොඳුරු මතකයන් ඔහුගේ මුවින්ම අප සමඟ මෙසේ අවදි කළේ ඉතාමත් සුහදත්වයෙනි. එසේ නම් නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ පස්වන දිගහැරුම.

(*සැ:යු: 2018 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර මේ වැඩසටහන රූගත කළ බව කරුණාවෙන් සලකන්න.)