Video – ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා – චමින්ද වාස්

2154

1994 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් චමින්ද වාස් දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 322කට, ටෙස්ට් තරග 111කට හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 761ක් දවා ගැනීමට සමත් වූ වාස් 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින චමින්ද වාස් කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දාහතර වැනි දිගහැරුම.