Video – මීගමුව දිනූ ජයග්‍රහණයක්, රටම දිනූ විජයග්‍රහණයක්

410

2019 ITF කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ පළමු සතිය ජයග්‍රාහීව නිමා කරන්නට මීගමුව කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ක්‍රීඩිකාවක් වන අංජලිකා කුරේරා සමත් වූවාය. ඉතාමත් ඛේදනීය සිදුවීම් සමුදායකට ශ්‍රී ලංකාව මුහුණ දුන් සතියක දී, යොවුන් ක්‍රීඩිකාවක් වන අංජලිකා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ජයග්‍රහණය දිනා දෙන්නට සමත් වූයේ සියලු දුක්දොම්නස් පසෙකළා රට වෙනුවෙන් අභීතව පෙරමුණ ගනිමිනි. වසර 15කට පසුව ශ්‍රී ලංකාව දිනූ මෙම දැවැන්ත ටෙනිස් ජයග්‍රහණයත් සමඟින් 15 වැනි වියේ පසුවන අංජලිකා ඉතාමත් සතුටින් සහ නිහතමානී ආඩම්බරයකින් පසුවන්නේ සිය උපරිමය රට වෙනුවෙන් කැප කර ලක් මාතාව ලොවක් හමුවේ පෙරමුණේ තැබීමට සමත් වීම නිසාවෙනි.