Video – රංගන හේරත් වෙනස්ම චරිතයක් – චන්දිමාල්

327
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම පැවැත්වෙන ක්‍රිකට් සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. ඒ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේත් සුවිශේෂී තරගයක් වන්නේ ලොව බිහි වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වන නිසයි. එම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන සූදානම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මෙසේ තරගයට පෙර අදහස් දැක්වුවා.