ඉනිමක කඩුලු 5ක් දවා ගත් ළාබාලම ශ්‍රී ලාංකිකයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

2774
1994 වර්ෂයේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රවීන්ද්‍ර පුෂ්පකුමාර දක්ෂ,  දකුණත් වේගපන්දු යවන්නෙක්. ඔහුගේ සුපිරි පන්දු යැවීම නිසාවෙන්, වයස අවුරුදු 18 දී ටෙස්ට් තරගයක ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් ළාබාලතම පන්දු ‍යවන්නා බවට පත්වන්නට ඔහුට හැකි විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරග 54ක් ක්‍රීඩා කරමින් සමස්ත කඩුලු 82ක් දවා ගත් පුෂ්පකුමාර ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ද විශාල මෙහෙයක් ඉටු කළා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් එදත් අදත් අනගි මෙහෙයක් ඉටු කළ, ඉටු කරමින් සිටින පුෂ්පකුමාර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා සිය ක්‍රීඩා දිවියේ කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ඔහු අප සමඟ මෙසේ අදහස් ප්‍රකාශ කළේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ සිව්වැනි දිගහැරුම.