මතකයේ ඇති පරිදි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව අතිශයින්ම කලකිරුණු කාල සීමාවක් වූයේ නම් ඒ ගෙවී ගිය 2017 වසරය යන්න විවාදයක් නැත. ඒ් තරමටම අප ගෙවී ගිය වසරේ පරාජයන්වලට මුහුණ දුන්නෙමු. එහෙත් 2018 වසර උදාවෙද්දී වැටී තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව යළි පුනරුදයකට ලක්වනු ඇතැයි අප සැමගේම බලාපොරොත්තුව බවට පත්වී ඇත්තේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්වීම නිසාය.

රූකඩ නිජබිමේ ඇවිලෙන බැඩ්මින්ටන් අරගලය 10දා සිට

ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසයේ අම්බලන්ගොඩ සලකුණ තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට..

හතුරුසිංහ මහතාගේ පැමිණීමෙන් සියල්ල යථා තත්ත්වයට පත්වේද…? පරාජිත ගමන අවසන් කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට හැකි වේද…? යන කරුණු පිළිබදව නම් තවමත් ඇත්තේ කුකුසකි. සුලු සුලු වෙනස්කම් හැරුණු කොට ඉකුත් කාලය මුළුල්ලේම දැඩි අසාර්ථකත්වයට පත්වුණු ක්‍රීඩකයින් සමඟ හතුරුසිංහ මහතාට කටයුතු කිරීමට සිදුවීම එම කුකුස සාධාරණීකරණයට ඕනෑ තරම් සාක්ෂි සපයයි.

ගතවූ වසරේ දී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරග 57කට සහභාගි වුන අතර ඉන් 40ක්ම පරාජයට පත්වෙද්දී තරග 14ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබේ. තරග කිහිපයක දී හැර අනෙක් සෑම අවස්ථාවක දී ම තුන් ඉරියව්වෙන්ම දක්වන ලද අසාර්ථකභාවය එකී පරාජයන්ට ප්‍රධාන වී තිබේ. පන්දු රැකීමේ දී දක්වන ලද දුර්වලතා ඉදිරියෙන්ම පවතිද්දී ලකුණු අතරට පැමිණීමට පිතිකරුවන් අපොහොසත්වීම ද ලංකාව ලද පරාජයන්ට හේතු වී තිබේ.

ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන්හි දුර්වලතාවයම ශ්‍රී ලංකාව ලද පරාජයන්හි හේ කාරණා වූයේ ද යන්න සැකයක් මතු වන්නේ එම වසර ඇතුළත් ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 යන තරග අංශයන්හි පිතිකරුවන් 37 දෙනෙකු කඩුලු අතර දිව යෑමේ දී දුවද්දී දැවී යෑම්වලට හසුව තිබීම නිසාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් වසරේ දී ටෙස්ට් තරග 13කට සහභාගි වී තිබෙන අතර එහි දී දුවද්දී දැවී යෑම් 7ක් ද, එක්දින තරග 29ක දී දුවද්දී දැවී යෑම් 23ක් ද සහ විස්සයි/20 තරග 15ක දී දුවද්දී දැවී යෑම් 7ක් ද සටහන් වී තිබේ.

තරගයක පිතිකරුවෙකු දුවද්දී දැවී යෑමට මූලිකව බලපානු ලබන්නේ බොහෝ විට ඔවුන් දෙදෙනාගේ නොසැලකිලිමත්කමය. එසේ බලන විට ශ්‍රී ලංකාව ලද තරග පරාජයන්ට ක්‍රීඩකයන්ගේ දුර්වලතාවය මෙන්ම නෙසැලකිලිමත්කම ද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව පැහැදිළිවම පෙනී යයි.

අදාළ දුවද්දී දැවී යෑම් 37 අතරින් අග්‍රගණ්‍ය පන්දු රැකීම් හමුවේ පිතිකරුවකු දැවී ගොස් ඇත්තේ සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්නගේ දැවී යෑම වේ. ටරිසායි මුසකන්ඩා, මැල්කම් වොලර් සහ රෙගිස් චකබ්වා ඒම දවා ගැනීමට සම්මාදම් වී තිබේ. ඊට අමතරව පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කිරීමෙන් දුවද්දී දැවී යෑම් 18ක් වාර්තා වන අතර ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ පැවති සිව්වැනි එක්දින තරගයේ දී කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑම හැර අන් සියලු දැවී යෑම් පිතිකරුවන්ගේ අනවබෝධය සහ අපරික්ෂාකාරීභාවය හේතුවෙන් වාර්තා වූ ඒ්වා වේ.

මෙහි දී පන්දු යවන්නා වෙතට පෙරළා ආ පන්දුව ඔහුගේ අතේ වැදී කඩුල්ල බිඳී යෑමෙන් එක් දුවද්දී දැවී යෑමක් වාර්තා වේ. එය ද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති තරගයේ දී ඩොනල්ඩ් ටිරිපානෝ විසින් එවන ලද පන්දුවක් පන්දු යවන්නාගේ   හමුවේ දිනේෂ් චන්දිමාල් එල්ල කරන ලද පහරකට උපුල් තරංග දැවී ගොස් තිබේ.

වසර තුළ වාර්තා වුන සමස්ත දුවද්දී දැවී යෑම්වලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ‍පෙළ පිතිකරුවන්ගේ කඩුලු 19ක් දැවී ගොස් තිබෙන අතර ඒ අතරින් වැඩිම වාර ගණනක් දැවී ගොස් ඇත්තේ කුසල් මෙන්ඩිස් වේ. සිව් වතාවක දී මෙන්ඩිස් දැවී යන විට දී  දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග සහ අසේල ගුණරත්න තෙවන වතාව බැගින් දැවී ගොස් තිබේ. පිතිකරුවකු ලෙස සාර්ථකත්වයට පැමිණීමට අපොහොසත්වීම නිසා කුසල් මෙන්ඩිස්ට අවසන් වරට පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ද අහිමි වූ අතර දක්ෂතා අතරට පැමිණීමට ඔහුට නොහැකිවීමට ඒම දුවද්දී දැවී යෑම් ද හේතුවී තිබේ.

ද්‍රාවිඩ්ගෙන් පණිවිඩයක්

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට, ක්‍රිකට් විශ්ලේෂණය කිරීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්…

එක්දින වරම් දිනා ගන්නා ලද පළමු තරගයේ දී ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවාගත් වනිදු හසරංග මෙතෙක් එක්දින ඉනිම් 5කට පමණක් ක්‍රීඩා කොට තිබෙන අතර ඉන් දෙවතාවක දී ම දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී යෑම විශේෂත්වයකි.

එමෙන්ම බංග්ලාදේශය සමඟ මාර්තු 28 වැනිදා පවත්වා ඇති එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ දුවද්දී දැවී යෑම් 3ක් වාර්තා වීම කැපී පෙනෙන අතර උපුල් තරංග, තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා දැවී ගිය පිතිකරුවන් බවට පත්ව සිටිති.

මෙකී දැවී යෑම් හේතුවෙන් ශතක ලබා ගැනීමේ ආසන්න අවස්ථා 2ක් දිමුත් කරුණාරත්නට සහ කුසල් මෙන්ඩිස්ට මඟ හැරී ගොස් තිබේ. ශූරයින්ගේ කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 89කට සහ පාකිස්තානය සමඟ අබුඩාබිහි පැවති පළමු ටෙස්ට් තරගයේ දී කරුණාරත්න ලකුණු 93කට ද එසේ අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබේ.

පහත වගුවෙන් දැක්වෙන්නේ 2017 වසර ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් දුවද්දී දැවී යෑම්වලට හසු වූ අවස්ථාවන් වේ.

අංශය දිනය පිතිකරුවා සහාය පිතිකරුවා පන්දු රකින්නා ලකුණු පන්දුවාරය කඩුල්ල වැටීම ඒ වන විට ඉලක්කය මුලු ලකුණු ප්‍රතිඵලය දැවී යෑමට හේතුව
20-20 2017-01-25 කුසල් මෙන්ඩිස් සික්කුගේ ප්‍රසන්න ඩේන් පැටර්සන් 02 17.3 142/5 පන්දු 16ක දී ලකුණු 28 170/5 ජය අපරීක්ෂාකාරී
එක්දින 2017-01-28 අසේල ගුණරත්න ධනංජය ද සිල්වා ක්‍රිස් මොරිස්/ කොන්ටන් ඩිකොක් 10 34.6 126/6 181 පරාජය අනවබෝධය
එක්දින 2017-02-01 අසේල ගුණරත්න දිනේෂ් චන්දිමාල් පෝල් ඩුමිනි 17 23.3 119/5 පන්දු 160ක දී ලකුණු 189 186 පරාජය අනවබෝධය
එක්දින 2017-02-10 ළහිරු මධුසංඛ අසේල ගුණරත්න ෆර්හාන් බහර්ඩීන් 07 34.2 183/7 පන්දු 95ක දී ලකුණු 202 296/8 පරාජය අපරීක්ෂාකාරී
20-20 2017-02-22 ලසිත් මාලිංග නුවන් කුලසේකර ඇරන් ෆින්ච් 01 17.2 149/9 පන්දු 17ක දී ලකුණු 48 146 පරාජය අපරීක්ෂාකාරී
20-20 2017-02-22 විකුම් සංජය නුවන් කුලසේකර ටිම් පේන්/බෙන් ඩන්ක් 05 17.6 146/10 පන්දු 13ක දී ලකුණු 43 146 පරාජය අපරීක්ෂාකාරී
ටෙස්ට් 2017-03-08 සුරංග ලක්මාල් ඩිල්රුවන්  පෙරේරා ලිටන් දාස්/මුෂ්ෆිකර් රහීම් 08 125.3 480/7 494 ජය අනවබෝධය
ටෙස්ට් 2017-03-19 ඩිල්රුවන් පෙරේරා සුරංග ලක්මාල් සුබෂිස් රෝයි/මෙහඩි හසන් 50 112.4 319/9 319 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-03-25 ලක්ෂාන් සඳකැන් තිසර  පෙරේරා මුස්තාෆර් රෙහ්මාන් 03 43.5 232/9 පන්දු 38ක දී ලකුණු 94 234 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-03-28 උපුල් තරංග කුසල් මෙන්ඩිස් මහමුදුල්ලා 65 24.4 129/4 311 විසඳුම් නෑ අපරීක්ෂාකාරී
එක්දින 2017-03-28 තිසර  පෙරේරා අසේල ගුණරත්න මුෂ්ෆිකර් රහීම් 09 46.4 280/6 311 විසඳුම් නෑ අනවබෝධය
එක්දින 2017-03-28 ඩිල්රුවන්  පෙරේරා අසේල ගුණරත්න මුෂ්ෆිකර් රහීම් 09 48.2 300/7 311 විසඳුම් නෑ අනවබෝධය
එක්දින 2017-04-01 දිනේෂ් චන්දිමාල් කුසල් මෙන්ඩිස් ටස්කින් අහමඩ්/මුෂ්ෆිකර් රහීම් 21 25.5 136/3 280/9 ජය අපරීක්ෂාකාරී
එක්දින 2017-04-01 මිලින්ද සිරිවර්ධන කුසල් මෙන්ඩිස් ෂුවගටා ෙහාම්/මුෂ්ෆිකර් රහීම් 12 30.3 161/4 280/9 ජය අපරීක්ෂාකාරී
20-20 2017-04-04 අසේල ගුණරත්න කුසල්  පෙරේරා ශබීර් රෙහමන් 17 15.3 120/3 පන්දු 28ක දී ලකුණු 36 158/4 ජය අපරීක්ෂාකාරී
එක්දින 2017-06-03 දිනේෂ් චන්දිමාල් උපුල් තරංග ඒ් .බී. ඩිවිලියර්ස් 12 17.2 116/2 පන්දු 197ක දී ලකුණු 184 203 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-06-03 සුරංග ලක්මාල් කුසල්  පෙරේරා ඉම්රාන් තහීර් 00 37.5 191/8 පන්දු 74ක දී ලකුණු 109 203 පරාජය අනවබෝධය
එක්දින 2017-06-08 ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් උමේෂ් යාදව්/එම්. එස්. දෝනි 76 27.5 170/2 පන්දු 134ක දී ලකුණු 153 322/3 ජය අපරීක්ෂාකාරී
එක්දින 2017-06-08 කුසල් මෙන්ඩිස් කුසල්  පෙරේරා බුවෙන්ෂ්වර් කුමාර් 89 32.4 193/3 පන්දු 105ක දී ලකුණු 126 322/3 ජය අපරීක්ෂාකාරී
ටෙස්ට් 2017-07-15 උපුල් තරංග දිනේෂ් චන්දිමාල් ඩොනල්ඩ් ටිරිපානෝ 71 32.1 116/2 346 ජය අවාසනාවන්ත
ටෙස්ට් 2017-07-15 ඩිල්රුවන්  පෙරේරා අසේල ගුණරත්න ටී.මුසකන්දා/ එම්.වොලර්/සී.රෙගිස් 33 79.1 274/6 346 ජය අපරීක්ෂාකාරී
ටෙස්ට් 2017-07-27 උපුල් තරංග ඇන්ජෙලෝ මැතිව්ස් අභිනව් මුකුන්ද්/විරීදීමන් සහා 64 33.6 124/4 291 පරාජය අපරීක්ෂාකාරී
ටෙස්ට් 2017-08-13 කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කුල්දිප් යාදව/රවිචන්ද්‍රන් අශ්වින් 18 8.5 38/3 135 පරාජය අනවබෝධය
එක්දින 2017-08-20 චාමර කපුගෙදර ඇන්ජෙලෝ මැතිව්ස් විරාට් කෝලි 01 33.2 169/5 216 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-08-27 දුෂ්මන්ත චමීර විශ්ව ප්‍රනාන්දු එම්. එස්. දෝනි/බුවෙන්ෂ්වර් කුමාර් 06 48.5 210/9 217/9 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-08-31 කුසල් මෙන්ඩිස් ඩිල්ෂාන් මුණවීර කේ. එල්. රාහුල් 01 05/2 26/2 පන්දු 269ක දී ලකුණු 346 207 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-08-31 වනිදු හසරංග ඇන්ජෙලෝ මැතිව්ස් අක්සාර් පෙටල්/ජස්ප්‍රිට් බුම්රා 22 33.6 177/6 පන්දු 97ක දී ලකුණු 199 207 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-09-03 වනිදු හසරංග මිලින්ද සිරිවර්ධන එම්. එස්. දෝනි/යුෂ්වේන්ද්‍ර චහල් 09 42.6 205/6 238 පරාජය අපරීක්ෂාකාරී
ටෙස්ට් 2017-09-28 දිමුත් කරුණාරත්න දිනේෂ් චන්දිමාල් එම්. අබ්බාස්/ශෆ්‍රාස් අහමඩ් 93 69.1 161/3 419 ජය අනවබෝධය
එක්දින 2017-10-16 සුරංග ලක්මාල් උපුල් තරංග අහමඩ් ශේෂාඩ්/ශෆ්‍රාස් අහමඩ් 01 45.3 172 පන්දු 27ක දී ලකුණු 48 187 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-10-16 ළහිරු ගමෙග් උපුල් තරංග රුමාන් රයීස් 03 47.6 187 පන්දු 12ක දී ලකුණු 32 187 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-10-18 තිසර  පෙරේරා ළහිරු ගමගේ රුමාන් රයීස්/සෆ්‍රාස් අහමඩ් 38 48.2 208 208 පරාජය අපරීක්ෂාකාරී
එක්දින 2017-10-20 දිනේෂ් චන්දිමාල් ළහිරු තිරිමාන්න අහමඩ් ශේෂාඩ්/සෆ්‍රාස් අහමඩ් 16 10.3 59 173 පරාජය අනවබෝධය
එක්දින 2017-10-23 සික්කුගේ ප්‍රසන්න තිසර  පෙරේරා ශාදාබ් ඛාන් 16 16.5 63 103 පරාජය අපරීක්ෂාකාරී
20-20 2017-10-27 ඩිල්ෂාන් මුණවීර ධනුෂ්ක ගුණතිලක ඉමාඩ් වසීම් 19 6.4 43 124/9 පරාජය අපරීක්ෂාකාරී
20-20 2017-10-27 සධීර සමරවික්‍රම ධනුෂ්ක ගුණතිලක මොහොමඩ් හෆීස්/සෆ්‍රාස් අහමඩ් 32 16.2 106 124/9 පරාජය අපරීක්ෂාකාරී
20-20 2017-10-27 සික්කුගේ ප්‍රසන්න තිසර පෙරේරා එම්. නවාස් 01 17.2 109 124/9 පරාජය අපරීක්ෂාකාරී

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<