අඛණ්ඩව දෙවන වරටත් ශූරතාවය දඹුල්ලට

257

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය අද (02) දිනයේ නිමාවට පත්වූයේ අඛණ්ඩව දෙවන වරටත් ශූරතාවය දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලයට හිමිකර දෙමිනි.

සේනානායක, වෑවලවැව අවසන් සටනට

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ……

අවසන් මහා තරගය – දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

පළමු අවසන් පූර්ව තරගයෙන් පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය පරාජය කරමින් දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගනිමින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

කාසියේ වාසිය හිමිකර ගත් දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලයේ නායකයා පළමු පිතිකරණ අවස්ථාව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පිරිනැමීය.

පළමු ඉනිමේ පිතිකරණ අවස්ථාවේ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දවා ගැනීම් 3, කිසිඳු ලකුණක් ලබා නොදී දවා ගැනීමට වෑවලවැව මහා විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය. පසුව පිතිකරණයට පැමිණි වෑවලවැව මහා විද්‍යාල ක්‍රීඩකයින් නියමිත දැවී යාම් 3 අවසානයේ ලකුණු 4ක් රැස්කරමින් පෙරමුණ ගැනීමට සමත් විය.

පළමු ඉනිම අවසානයේ – වෑවලවැව මහා විද්‍යාලය 04 – 00 සේනානායක විද්‍යාලය

තමන් දෙවන ඉනිමේ පිතිකරණයේ දී ලකුණු 2ක් රැස්කර ගැනීමට සමත් වෙමින් නැවතත් තරගයට අවතීර්ණ වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රීඩකයින්, වෑවලවැව මහා විද්‍යාලයේ දවා ගැනීම් 3 එක් ලකුණකට දවා ගැනීමට සමත් විය.

දෙවන ඉනිම අවසානයේ – වෑවලවැව මහා විද්‍යාලය 05 – 02 සේනානායක විද්‍යාලය

තෙවන ඉනිමේදී සේනානායක ක්‍රීඩකයින්ට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් වෑවලවැව මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස්කර ගැනීමට සමත් විය.

තෙවන ඉනිම අවසානයේ – වෑවලවැව මහා විද්‍යාලය 07 – 02 සේනානායක විද්‍යාලය

වෑවලවැව අපරාජිතව පෙරමුණේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු …….


සිව්වැනි ඉනිමේ දී ද සේනානායක ක්‍රීඩකයින්ට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් වෑවලවැව මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් තම පිතිකරණයේ දී ලකුණු 6ක් රැස්කරමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

සිව්වන ඉනිම අවසානයේ – වෑවලවැව මහා විද්‍යාලය 13 – 02 සේනානායක විද්‍යාලය

පස්වැනි ඉනිමේ දී ලකුණු 10ක පරතරය නැති කිරීම සඳහා සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් අවම වශයෙන් ලකුණු 2ක් රැස්කර ගත යුතුව තිබුණි. නමුත් වෑවලවැව මහා විද්‍යාලයේ දක්ෂ පන්දු රැකීම් හමුවේ අසරණ වූ සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ට එම ඉනිමේ දී කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව පස්වැනි ඉනිමේ තම පිතිකරණ අවස්ථාවද ලබා නොගෙන අපරාජිතව ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සමත් විය.

පස්වන ඉනිම අවසානයේ – වෑවලවැව මහා විද්‍යාලය 13 – 02 සේනානායක විද්‍යාලය

ශූරතාවය – දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය 

අනුශූරතාවය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

තෙවැනි ස්ථානය – පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය 

අනුශූරතාවය හිමි කර ගත් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

පෞද්ගලික දක්ෂතා

  • හොඳම පන්දු යොමුකරන්නා (Best Pitcher) – ශාලුක මදුමාල් (වෑවලවැව මහා විද්‍යාලය) 
  • හොඳම පන්දු යොමුව රකින්නා (Best Catcher) – බිසඳ වින්දිව් (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 
  • හොඳම පිතිකරුවා (Best Batter) – තරිඳු කාවින්ද (වෑවලවැව මහා විද්‍යාලය) 
  • හොඳම පන්දු රකින්නා (Best Fielder) – අමිඳු මිහිරාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) – අවිශ්ක බණ්ඩාර (වෑවලවැව මහා විද්‍යාලය) 

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු ……

All Star කණ්ඩායම

  • පන්දු යොමුකරන්නා (Pitcher) – ශාලුක මදුමාල් (වෑවලවැව මහා විද්‍යාලය)  
  • පන්දු යොමුව රකින්නා (Catcher) – බිසඳ වින්දිව් (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 
  • පළමු බේස් රකින්නා (1st Base Player) – අමිඳු මිහිරාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 
  • දෙවන බේස් රකින්නා (2nd Base Player) – චතුරංග කුමාර (වෑවලවැව මහා විද්‍යාලය)
  • ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) – සෙනේෂ් මාධව (වෑවලවැව මහා විද්‍යාලය) 
  • තෙවැනි බේස් රකින්නා (3rd Base Player) – සස්මිත රාජපක්ෂ (රණබිම රාජකීය විද්‍යාලය) 
  • වම්පස පිටිය රකින්නා (Left Fielder) – නිර්මාල් හසිනිඳු (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 
  • මැද පිටිය රකින්නා (Center Fielder) – ෂෙහාන් කවිඳු (වෑවලවැව මහා විද්‍යාලය) 
  • දකුණුපස පිටිය රකින්නා Right Fielder) – බුද්ධික රුවන් (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය)      


>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<