ශ්‍රී ලංකා මේස පන්දු පොඩ්ඩෝ දකුණු ආසියාවෙන් දෙකට

30
Sri lanka TT Team

මාලදිවයිනේ මාලේ නුවර දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් එහි අනුශූරතාව හිමි කර ගැනීමට සමත් විය.

පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්වල සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය ඉන්දිය කණ්ඩායමට හිමි විය.

පොදුරදමඩුලු ජය ගත් දක්ෂයෝ ඇගයේ

පසුගිය දා නිමාවට පත්වූ විසිඑක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පදක්කම් දිනා ගත්..

ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම් හයෙන් 4ක් මේසපන්දු කණ්ඩායම් තරග ඉසව්වලින් ද, අනෙක් පදක්කම් දෙක යුගල තරග ඉසව්වලින් ද හිමි වූ අතර අනෙකුත් ලෝකඩ පදක්කම් 6 හිමි වූයේ කේවල තරග ඉසව්වලිනි. ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම මෙම තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමත් සමඟ ලබන අගෝස්තු මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මියන්මාරයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

මෙම තරගාවලියේ දී අවුරුදු 18න් පහළ සහ 15න් පහළ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් තරග ඉසව් පැවති අතර අවුරුදු 18න් පහළ, 15න් පහළ සහ 12න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල තරග පැවැත්විය. එසේම එහි මිශ්‍ර යුගල තරග පැවතියේ අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය යටතේ පමණි.  

ඒ අනුව සමස්ත තරගාවලියේ දී කණ්ඩායම්, මිශ්‍ර යුගල සහ කේවල ලෙස ඉසව් 12ක් පැවති අතර ඉන් ඉසව් 11ක දී ම පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණින. ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගත නොහැකි වූයේ වයස 18න් පහළ බාලක කේවල ඉසව්වේ දී පමණි. එම කාණ්ඩ සියල්ලේම රන් පදක්කම් දිනා ගැනීමට ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලියේ දී කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළහ. හංසනී දකුණු ආසියානු මේසපන්දු තරගාවලියකට සහභාගි වූ 9 වැනි අවස්ථාව මෙය වූ අතර නිමේෂ් ඊට සහභාගි වූ 5 වැනි අවස්ථාව මෙය විය.  

අටවැනි දවසේ අයියාට බැරිවුන දේ මල්ලි කරයි

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව..

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුෂ වරුසවිතාන වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළහ. එහි දී සම්පත් කුමාර සහ බුද්ධික දික්කුඹුර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසත්, රහල් අබේරත්න මහතා කළමනාකරු ලෙසත්, දිලීමා උඩගෙදර මෙනවිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියහ.

ඉකුත් වසරේ දී (2017) මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවති අතර එහි දී රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම්,

රිදී පදක්කම්

  • වයස අවුරුදු 18න් පහළ බාලක යුගල – නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ චන්දූප අලහකෝන්  (මහනුවර කිංග්ස්වුඞ් විදුහල)
  • වයස අවුරුදු 18න් පහළ බාලිකා යුගල – හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) සහ ඩී.එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල)
  • වයස අවුරුදු 18න් පහළ බාලක කණ්ඩායම – නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල), චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඩ් විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ  විදුහල) සහ ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • වයස අවුරුදු 18න් පහළ බාලිකා කණ්ඩායම – හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල), ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල)
  • වයස අවුරුදු 15 න් පහළ බාලක කණ්ඩායම – හිරුණ වරුසවිතාන, චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)
  • වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම – ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල), සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල), කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

ස්කොෂ් ක්‍රීඩාවෙන් කිරුළු පැලදී ලාංකීය කුමරිය, මිහිලියා

අතිදක්ෂ ශ්‍රී ලාංකික ස්කොෂ් ක්‍රීඩිකාවක් වන මිහිලියා මෙත්සරණි සිය ජාත්‍යන්තර ක්‍රීඩා..

ලෝකඩ පදක්කම්

  • වයස අවුරුදු 18න් පහළ බාලිකා කේවල – හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)
  • වයස අවුරුදු 15න් පහළ බාලක කේවල – හිරුණ වරුසවිතාන සහ චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
  • වයස අවුරුදු 15න් පහළ බාලිකා කේවල – ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල)
  • වයස අවුරුදු 12න් පහළ බාලක කේවල – ඔෂාන් සෙනරත්ආරච්චි (කෙළඹ රාජකීය විදුහල)
  • වයස අවුරුදු 12න් පහළ බාලිකා කේවල – නවිඳි සෙනෙවිරත්න (කෑගලු බාලිකා විදුහල)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<