අසේල ගුණරත්නගේ ඉනිම යුද හමුදාව දිනවයි

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

749
SLC Major Clubs T20 Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (31) අවසන් වුනා.

අද පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වුනේ CCC, Moors SC, Galle CC, NCC, Panadura SC,Army SC කණ්ඩායම්වලටයි.

සඳුන් මෙන්ඩිස් (3/21), නුවන් තුෂාර (2/15) සහ විශ්ව ප්‍රනාන්දු (2/15) යන ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන පන්දු යැවීම් නිසා BRC ක්‍රීඩකයින් ලකුණු 75කට සීමා කර කඩුලු 5ක ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායමට හැකි වුනා.

Negombo CC ක්‍රීඩකයින් ලකුණු 88කට සීමා කරමින් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට Moors ක්‍රීඩකයින්ට හැකි වූ අතර Moors වෙනුවෙන් ලහිරු සමරකෝන් ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිද්දී, සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 48ක් රැස් කළා.

අසේල ගුණරත්න පන්දු 59ක් තුළ නොදැවී වාර්තා කළ ලකුණු 81 නිසා තියුණු සටනකින් පසු පොලිස් ක්‍රීඩකයින් පරදවා කඩුලු 5ක ජයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායමට හැකි වුනා.

Kandy Customs හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 22ක ජයක් ලබා ගැනීමට Galle CC කණ්ඩායමට හැකි වූ අතර කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ තරුෂ් දමිඳු ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තා.

දිනයේ කෙටි ලකුණු පුවරුව,

CCC සහ BRC අතර තරගය

  • BRC – 75/10 (15.2): භානුක රාජපක්ෂ 34, සඳුන් මෙන්ඩිස් 3/21, නුවන් තුෂාර 2/15, විශ්ව ප්‍රනාන්දු 2/15.
  • CCC – 75/5 (8.5): නිමේෂ් ගුණසිංහ 26, පවන් රත්නායක 21*.

CCC කණ්ඩායමට කඩුලු පහක ජයක්.

Negombo CC සහ Moors SC අතර තරගය

  • Negombo CC – 88/10 (19.4): ශේෂාන් ප්‍රනාන්දු 32, ලහිරු සමරකෝන් 3/7.
  • Moors SC – 90/2 (14.2): සොහාන් ද ලිවේරා 48*.

Moors SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Army SC සහ Police SC අතර තරගය

  • Police SC – 142/10 (19.3): චතුරංග ජයතිලක 40, ප්‍රියමාල් පෙරේරා 22, ලීලාන් රංගන 3/26.
  • Army SC – 145/5 (19.2): අසේල ගුණරත්න 81*, ලක්ෂාන් එදිරිසිංහ 34.

Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Galle CC සහ Kandy Customs SC අතර තරගය

  • Galle CC – 139/7 (20): ශානුක ගලගොඩ 30, ඕෂධ ප්‍රනාන්දු 22, සසිත් මනුරංග 2/18.
  • Kandy Customs SC – 117/10 (19.1) හසිත රාජපක්ෂ 47, නිම්න ප්‍රනාන්දු 34, තරුෂ් දමිඳු 4/25.

Kandy Customs SC කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

Air Force SC සහ NCC අතර තරගය

  • Air Force SC – 111/8 (20): ආදිත්‍ය ප්‍රනාන්දු 32*, සෙනාශ් ප්‍රනාන්දු 31, අසෙල් සිගේරා 3/11.
  • NCC – 115/3 (12.3): කවින් බණ්ඩාර 51*, නිරෝෂන් දික්වැල්ල 27.

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Panadura SC සහ Chilaw Marians CC

  • Panadura SC – 122/7 (20): සිනෙත් ජයවර්ධන 32, රොෂාන් විජේනායක 20, කවිඳු නිර්මාණ 2/25.
  • Chilaw Marians CC – 112 (18.3): කසුන් විඳුර 29, චමෝද් සඳරු 28, කවිඳු නිර්මාණ 20, නිමන්ත පීරිස් 3/28.

Panadura SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<