යුද හමුදාවට නව රග්බි පුහුණුකරුවෙක්

1065

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් “වයිපර්” ගුණරත්න CH&FC කණ්ඩායම සමඟ එකතු වීමත් සමඟ පුරප්පාඩු වූ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි ක්‍රීඩකයෙකු හා ප්‍රවීණ පුහුණුකරුවෙකු වන රධික හෙට්ටිආරච්චි තෝරාපත් කරගෙන ඇත.

මෙම මස 29 වැනි දින ආරම්භ වීමට නියමිත ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික ශූරතාවය සඳහා යුද හමුදා කණ්ඩායම පුහුණු කිරීම රධික හෙට්ටිආරච්චි වෙත ලැබෙන පළමු මෙහෙයුමයි.

අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

2019 වසරේ සත් සාමාජික රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි….

2016 දී ශ්‍රී ලංකාව තුල පුහුණුකරණ කටයුතු වලින් බැහැර වීමෙන් පසු ඔහු විසින් නැවතත් ශ්‍රී ලංකාව තුල කණ්ඩායමක් පුහුණු කිරීමට භාර ගත් පළමු අවස්ථාව මෙය වේ. 2016 පසු නේපාලයේ පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසු රධික හෙට්ටිආරච්චි පසුගිය වසරේ නේපාලයට සංක්‍රමණය විය. ඒ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ රොනී ඊබ්‍රහිම්ට පසුව ශ්‍රී ලාංකිකයෙකු වෙනත් රටක පුහුණුකරුවෙකු ලෙස තෝරාපත් වු අවස්ථාව වශයෙනි.

ධර්මරාජ විදුහලේ හිටපු ක්‍රීඩකයෙකු වන රධික හෙට්ටිආරච්චි 90 දශකයේ අග භාගයේ සිට අන්තර් සමාජ මට්ටමින් මහනුවර, CH&FC, CR&FC සහ Upcountry Lions කණ්ඩායම් නියෝජනය කළ අතර ශ්‍රී ලංකා සත් සාමාජික හා පළමු පෙළ ජාතික කණ්ඩායම්වල නායකත්වය ද දරා ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.

පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ විශාලතම ජයග්‍රහණය වන්නේ 2013 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දී ලෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් යුත් ධර්මරාජ විද්‍යාලය, ඔවුන් උසස්වීම් ලැබූ පළමු වසරේ දී ම ලීග් ශූරතාව දිනා ගැනීමයි.

ඉසිපතන – රාජකීය රග්බි ගැටුම!

කාලයකට කලින් ඉඳලම ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන පාසල් දෙකම ශ්‍රී ලංකාවේ රග්බි…

කෙසේ වෙතත්, පසුගිය ලීග් තරගවාරයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයේ දස්කම් එකම තලයක නොතිබුණ ද ඔවුන් කෙමෙන් කෙමෙන් දස්කම් අතින් ඉහළ නගින ආකාරයක් දක්නට ලැබුණි. එසේම ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජය වසර 23කට පසුව නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී ම පරාජය කිරීමට සමත් වූයේ හිටපු පුහුණුකරු නිහාල් ගුණරත්න යටතේයි. එසේම ශ්‍රී ලංකා ජාතික සංචිතයට ද ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් වන්නේ වසරක දී ශ්‍රී ලංකා ජාතික සංචිතයට යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් එක් වූ වැඩිම ක්‍රීඩකයින් ගණන වාර්තා කරමිනි.

වේගවත් Wing ක්‍රීඩකයෙකු වූ රධික, ඔහුගේ වෘත්තියෙහි බොහෝ දුරක් පැමිණ ඇති අතර ඔහු ගුණාත්මක රග්බි ක්‍රීඩකයින් බිහි කිරීමට හැකියාවක් ඇති පළපුරුදු පුහුණුකරුවෙකි. නව ක්‍රීඩක ආදේශනයන්, නව පුහුණු කාර්ය මණ්ඩලය සහ පළපුරුදු ක්‍රීඩකයින් සමඟින් සන්නද්ධ වන යුද හමුදා ක්‍රීඩා සමාජය, මෙවර සත් සාමාජික රග්බි තරගාවලියේ දී අවධානය යොමු කළ යුතු තවත් කණ්ඩායමක් වන්නේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<