අන්තර් සමාජ ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරඟ පසුගියදා නිමාවට පත්විය.

තරඟ සති අන්තය ආරම්භ කරමින් මෙතෙක් තමන් සහභාගි වු තරඟ හයම පරාජය වි ඇති CH&FC  කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදි සිටින ප්‍රභල හැව්ලොක්ස් කණ්ඩායම කොළඹ තුරඟ තරඟ පිටියේදී තරඟ වැදුණු අතර එහිදි CH&FC කණ්ඩායමට තම හත්වැනි තරඟ පරාජයද උරුම කරදුන් හැව්ලොක්ස් ක්‍රීඩකයින් 78-11ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කලේය.

සි.එච් සහ හැව්ලොක්ස් අතර තරඟය

154
« 2 of 154 »

සිය කණ්ඩායමේ ප්‍රභලයන් රැසක් දෙවැනි වටය සදහා විවේක ගන්වා තිබු හැව්ලොක්ස් කණ්ඩායම තරඟ ආරම්භයේ සිටම මනා සටන්කාමි තරඟ රටාවක් දියත් කලේය. හැව්ලොක්ස් ක්‍රීඩකයින් තරඟයේ ප්‍රථම භාගය නිමාවන විට ලකුණු 40-05ක් ලෙස ප්‍රභල තත්වයක පසුවෙමින් තරඟයේ ජයග්‍රහණය සියතට ගෙන සිටියේය.

දෙවැනි අර්ධයේ නැවත ක්‍රියාත්මක වු හැව්ලොක්ස් ක්‍රීඩකයින් හිරන්ත පෙරේරාගේ උත්සහක දිනුමත් සමඟ ලකුණු 38ක් තම ලකුණු පුවරුවේ සටහන් කිරිමට සමත් විය. එම අර්ධයේ ද නැවත අසාර්ථක වු CH&FC ක්‍රීඩකයින්ට හැකිවුයේ තවත් ලකුණු 06ක් ලබාගන්නට පමණි. තරඟයේ විරයා ලෙස හැව්ලොක්ස් ක්‍රීඩක කෙවින් ඩික්සන් සම්මාන ලැබිය.

 ජයග්‍රාහී හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු 78ට ගෝල දිනුම් 09ක් සහ උත්සහක දිනුම් 03ක් ඇතුලත්‍ විය. හැව්ලොක්ස් වෙනුවෙන් සදුන් හේරත් ගෝල 02ක්, කෙවින් ඩික්සන් ගෝල 02ක් සහ නිශොන් පෙරේරා ගෝල 02ක් වාර්තා කිරිමට සමත් විය. විමුක්ති රාහුල, උමේෂ් මධුෂාන් සහ චාමික කුසල් එක් උත්සහක දිනුම බැගින් රැස් කළ අතර සමන්ත ලක්ෂාන් විසින් ප්‍රවර්ථන සාර්ථක කරගන්නට සමත් විය. CH&FC පිළේ ලකුණු 11ට එක් උත්සහක දිනුමක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත්‍ විය. CH&FC වෙනුවෙන් වාර්තා වු එකම උත්සහක දිනුම වාර්තා කරන්නට කොටුවේගෙදර සමත් වු අතර ජනිත් චන්දිමාල් දඩුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් විය.

අවසන් වටයේ තවත් තරගයක් පොලිස් කණ්ඩායම සහ යුධ හමුදා කණ්ඩායම අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්විය. එහිදි ලකුණු 47-45ක් ලෙස ලකුණු 02ක තියුණු ජයක් ලැබිමට පොලිස් කණ්ඩායම සමත් විය. තරඟය ආරම්භයේ සිටම කණ්ඩායම් 02කම ප්‍රවේගකාරි ලෙස උරෙනුර ගැටුණු අතර තරඟයේ ප්‍රථම භාගය නිමා විමට සුළු මොහොතක් තිබියදී කණ්ඩායම දෙකම 17-17 බැගින් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවිය. නමුත් පොලිස් ක්‍රීඩක උපුල් අබේරත්න විසින් උත්සහක දිනුමක් රැස් කිරිමත් සමග ප්‍රථම අර්ධය නිමාවුයේ ලකුණු 24-17ක් ලෙසය.

යුධ හමුදාව සහ නාවික හමුදාව අතර තරඟය

121
« 1 of 126 »

දෙවැනි වටයේදී  වඩාත් සුක්ෂම වු පොලිස් ක්‍රීඩකයින් තම ප්‍රතිවාදින්ගේ ආරක්ෂක වළළු බිද දමමින් තවත් ලකුණු 23ක් රැස් කරමින් සිය ජයග්‍රහණය සනිටුහන් කරගත් අතර ප්‍රවේගකාරි යුධ හමුදාව එම වටයේදී තවත් ලකුණු 28ක් හඹායන්නට සමත් වුවත් එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවිය.

ජයග්‍රාහී පොලිස් කණ්ඩායම වෙනුවෙන් රීසා රෆයිඩින් ගෝල 04ක් සමගින් ප්‍රවර්ථන 02ක් සාර්ථක කරගන්නට සමත් විය. චුල සුසන්ත, රදිශ් සෙනෙවිරත්න සහ ජොයාල් පෙරේරා එක් උත්සහක දිනුම බැගින් රැස් කළ අතර අබ්සාල් මොහොමඩ් විසින් ප්‍රවර්ථන 03ක් සාර්ථක කරගන්නට සමත් විය. යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් රොසා සම්පත් සහ අශේන් බණ්ඩාර  ගෝල දිනුම් 02ක බැගින් වාර්තා කළ අතර ඉමන්ත ආරියපාල සහ උපුල් අබේරත්න උත්සහක දිනුම් එක බැගින් වාර්තා කිරිමට සමත් විය. ගයාන් සාලින්ද ප්‍රවර්ථන 03ක් සමගින් එක් දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් වු අතර තරඟයේ විරයා ලෙස පොලිස් ක්‍රීඩක රීසා රෆයිඩින් සම්මාන ලැබිය.

සි.ආර් පිළ සහ ගුවන් හමුදාව අතර තරඟය

125
« 1 of 130 »

අවසන් වටයේ තවත් තරඟකයකදි  CR&FC කණ්ඩායම සමඟින් ගුවන් හමුදා කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර එහිදි ලකුණු 46-15ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරිමට CR&FC ක්‍රීඩකයින් සමත් විය. දෙපිළෙහිම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් පිටියේ ස්ථානගත වි තිබු අතර තියුණු තරඟ විලාසයක් දෙපිළම පෙන්නුම් කලේය.

ගුවන් හමුදාව තරගය ආරම්භ වි පළමු මිනිත්තු 05දි උත්සහක දිනුමක් වාර්තා කරමින් සිය ලකුණු රැස් කිරිම ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර ලෙස CR&FC කණ්ඩායම 15වැනි මිනිත්තුවේ දි ගෝලයක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ප්‍රථම භාගය නිමා වුයේ ලකුණු 15-10ක් ලෙසය.

දෙවැනි අර්ධයේදී තරඟය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් අතර CR&FC ක්‍රීඩකයින් ඉදිරියේ ගුවන් හමුදා ක්‍රීඩකයින් දැඩි පිඩනයකට ඇද දමමින් උත්සහක දිනුම් 04ක් සමගින් ලකුණු 31ලබා සිය ජයග්‍රහණය සනිටුහන් කළ අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් හැකිවුයේ ලකුණු 05ක් රැස් කිරිමට පමණි.

තරග සති අන්තය නිමා කරමින් ප්‍රථම වටයේ අවසන් තරඟය ලෙස අපරාජිත මහනුවර කණ්ඩායම සමගින්  ප්‍රබල නාවික හමුදා කණ්ඩායම මහනුවර නිත්තවෙලදී තරඟ වැදුණේය. එහිදි නාවික හමුදාවට එරෙහිව ලකුණු 29-10ක් ලෙස පහසු ජයක් ලැබිමට මහනුවර ක්‍රීඩකයින් සමත් විය. වසර 03කට පසු නයිජල් රත්වත්තේ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙම තරගයේදි තරඟ කිරිම විශේෂත්වයක් විය.

මහනුවර සහ නාවික කණ්ඩායම අතර තරඟය

50
« 2 of 250 »

ප්‍රභල සටන් රටාවකට හිමිකම් කියන මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධය අවසන්වන විට ලකුණු 15-10ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. නාවික හමුදාවද තරඟය අත්නොහරිමින් ඉතා හොද තරගයක් මහනුවරට ලබා දෙන්නට සමත් විය. දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14ක් ලබාගත් මහනුවර ක්‍රීඩකයින් සිය ජයග්‍රහණය තහවුරු කරගත් අතර එම අර්ධයේදී නාවික හමුදාවට එකදු ලකුණක් හෝ රැස් කිරිමට මහනුවර  ක්‍රිඩකයින් ඉඩ නොතැබුහ.

ජයග්‍රාහී මහනුවර පිළේ ලකුණු 29ට ගෝල 02ක් උත්සහක දිනුම් 02ක් සහ දඩුවම් පහර පහක් ඇතුලත්‍ විය. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගයාන් විරරත්න ගෝල දිනුමක් රැස් කළ අතර නයිජල් රත්වත්තේ උත්සහක දිනුම් 02ක් හා දඩුවම් පහර 05ක් සාර්ථක කරගන්නට සමත් විය. නාවික හමුදාවේ ලකුණු 10ට එක් ගෝලයක්, එක් උත්සහක දිනුමක් ඇතුලත්‍ විය. නාවික හමුදාව වෙනුවෙන් ලී කාගෙල් උත්සහක දිනුමක් රැස් කිරිමට සමත් විය.