Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග පසුගිය දා නිමාවට පත්විය.
තරග සති අන්තය ආරම්භ කරමින් මෙතෙක් තමන් සහභාගි වූ තරග හයම පරාජය වී ඇති CH&FC සහ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින ප්‍රබල හැව්ලොක් කණ්ඩායම් කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී CH&FC කණ්ඩායමට තම හත්වැනි පරාජය ද උරුම කර දුන් හැව්ලොක් ක්‍රීඩකයින් 78-11ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කළේය.
CH&FC සහ හැව්ලොක්ස් අතර තරගය
සිය කණ්ඩායමේ ප්‍රබලයන් රැසක් දෙවැනි වටය සඳහා විවේක ගන්වා තිබූ හැව්ලොක් කණ්ඩායම තරග ආරම්භයේ සිටම මනා සටන්කාමි තරග රටාවක් දියත් කළේය. හැව්ලොක් ක්‍රීඩකයින් තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 40-05ක් ලෙස ප්‍රබල තත්වයක පසුවෙමින් තරගයේ ජයග්‍රහණය සියතට ගෙන සිටියේය.
දෙවැනි අර්ධයේ නැවත ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩකයින් හිරන්ත පෙරේරාගේ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 38ක් තම ලකුණු පුවරුවේ සටහන් කිරිමට සමත් විය. එම අර්ධයේ ද නැවත අසාර්ථක වු CH&FC ක්‍රීඩකයින්ට හැකි වූයේ තවත් ලකුණු 06ක් ලබා ගන්නට පමණි. තරගයේ විරයා ලෙස හැව්ලොක් ක්‍රීඩක කෙවින් ඩික්සන් සම්මාන ලැබීය.
ජයග්‍රාහී හැව්ලොක් කණ්ඩායමේ ලකුණු 78ට ගෝල දිනුම් 09ක් සහ උත්සාහක දිනුම් 03ක් ඇතුළත් විය.
හැව්ලොක් වෙනුවෙන් සඳුන් හේරත් ගෝල 02ක්, කෙවින් ඩික්සන් ගෝල 02ක් සහ නිෂෝන් පෙරේරා ගෝල 02ක් වාර්තා කිරීමට සමත් විය. විමුක්ති රාහුල, උමේෂ් මධුෂාන් සහ චාමික කුසල් එක් උත්සාහක දිනුම බැගින් රැස් කළ අතර සමන්ත ලක්ෂාන් විසින් ප්‍රවර්තන සාර්ථක කරගන්නට සමත් විය.
CH&FC පිළේ ලකුණු 11ට එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02ක් ඇතුළත් විය. CH&FC වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කරන්නට කොටුවේගෙදර සමත් වූ අතර ජනිත් චන්දිමාල් දඬුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් විය.
අවසන් වටයේ තවත් තරගයක් පොලිස් සහ යුද හමුදා කණ්ඩායම් අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවත්විය. එහි දී ලකුණු 47-45ක් ලෙස ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය.
තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ප්‍රවේගකාරි ලෙස උරෙනුර ගැටුණු අතර තරගයේ ප්‍රථම භාගය නිමා වීමට සුළු මොහොතක් තිබිය දී කණ්ඩායම් දෙකම ලකුණු 17-17 බැගින් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවිය. නමුත් පොලිස් ක්‍රීඩක උපුල් අබේරත්න විසින් උත්සාහක දිනුමක් රැස් කිරිමත් සමඟ ප්‍රථම අර්ධය නිමා වූයේ ලකුණු 24-17ක් ලෙසය.
යුධ හමුදාව සහ නාවික හමුදාව අතර තරගය
දෙවැනි වටයේ දී වඩාත් සූක්ෂම වු පොලිස් ක්‍රීඩකයින් තම ප්‍රතිවාදීන්ගේ ආරක්ෂක වළලු බිඳ දමමින් තවත් ලකුණු 23ක් රැස් කරමින් සිය ජයග්‍රහණය සනිටුහන් කර ගත් අතර ප්‍රවේගකාරි යුද හමුදාව එම වටයේ දී තවත් ලකුණු 28ක් හඹා යන්නට සමත් වුවත්, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
ජයග්‍රාහී පොලිස් කණ්ඩායම වෙනුවෙන් රීසා රෆයිඩින් ගෝල 04ක් සමඟින් ප්‍රවර්තන 02ක් සාර්ථක කරගන්නට සමත් විය. චූල සුසන්ත, රදිශ් සෙනෙවිරත්න සහ ජොයාල් පෙරේරා එක් උත්සාහක දිනුම බැගින් රැස් කළ අතර අබ්සාල් මොහොමඩ් විසින් ප්‍රවර්තන 03ක් සාර්ථක කරගන්නට සමත් විය.
යුද හමුදාව වෙනුවෙන් රෝසා සම්පත් සහ අශේන් බණ්ඩාර ගෝල දිනුම් දෙක බැගින් වාර්තා කළ අතර ඉමන්ත ආරියපාල සහ උපුල් අබේරත්න උත්සාහක දිනුම බැගින් වාර්තා කිරීමට සමත් විය. ගයාන් සාලින්ද ප්‍රවර්තන 03ක් සමඟින් එක් දඬුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් වූ අතර තරගයේ විරයා ලෙස පොලිස් ක්‍රීඩක රීසා රෆයිඩින් සම්මාන ලැබීය.
CR&FC සහ ගුවන් හමුදාව අතර තරගය
අවසන් වටයේ තවත් තරගයක දී CR&FC සමඟින් ගුවන් හමුදා කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 46-15ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට CR&FC ක්‍රීඩකයින් සමත් විය. දෙපිළෙහිම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් පිටියේ ස්ථානගත වී සිටි අතර තියුණු තරග විලාසයක් දෙපිළම පෙන්නුම් කළේය.
ගුවන් හමුදාව තරගය ආරම්භ වි පළමු මිනිත්තු 05 දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු රැස් කිරිම ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර ලෙස CR&FC 15 වැනි මිනිත්තුවේ දි ගෝලයක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. ප්‍රථම භාගය නිමා වූයේ ලකුණු 15-10ක් ලෙසය.
දෙවැනි අර්ධයේ දී තරගය වඩාත් උණුසුම් මුහුණු වරක් ගත් අතර CR&FC ක්‍රීඩකයින් ඉදිරියේ ගුවන් හමුදා ක්‍රීඩකයින් දැඩි පීඩනයකට ඇද දමමින් උත්සාහක දිනුම් 04ක් සමඟින් ලකුණු 31ක් ලබා සිය ජයග්‍රහණය සනිටුහන් කළ අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් හැකි වූයේ ලකුණු 05ක් රැස් කිරීමට පමණි.
තරග සති අන්තය නිමා කරමින් ප්‍රථම වටයේ අවසන් තරගය ලෙස අපරාජිත මහනුවර කණ්ඩායම සමඟින් ප්‍රබල නාවික හමුදා කණ්ඩායම මහනුවර නිත්තවෙල දී තරග වැදුණේය. එහි දී නාවික හමුදාවට එරෙහිව ලකුණු 29-10ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින් සමත් විය. වසර 03කට පසු නයිජල් රත්වත්තේ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙම තරගයේ දී තරග කිරීම විශේෂත්වයක් විය.
මහනුවර සහ නාවික කණ්ඩායම අතර තරගය
ප්‍රබල සටන් රටාවකට හිමිකම් කියන මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-10ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. නාවික හමුදාව ද තරගය අත්නොහරිමින් ඉතා හොඳ තරගයක් මහනුවරට ලබා දෙන්නට සමත් විය.
දෙවැනි අර්ධයේ දී තවත් ලකුණු 14ක් ලබා ගත් මහනුවර ක්‍රීඩකයින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත් අතර එම අර්ධයේ දී නාවික හමුදාවට එකදු ලකුණක් හෝ රැස් කිරීමට මහනුවර ක්‍රිඩකයින් ඉඩ නොතැබුහ.
ජයග්‍රාහී මහනුවර පිළේ ලකුණු 29ට ගෝල 02ක් උත්සාහක දිනුම් 02ක් සහ දඬුවම් පහර පහක් ඇතුළත් විය. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගයාන් විරරත්න ගෝල දිනුමක් රැස් කළ අතර නයිජල් රත්වත්තේ උත්සාහක දිනුම් 02ක් හා දඩුවම් පහර 05ක් සාර්ථක කරගන්නට සමත් විය. නාවික හමුදාවේ ලකුණු 10ට එක් ගෝලයක්, එක් උත්සාහක දිනුමක් ඇතුළත් විය. නාවික හමුදාව වෙනුවෙන් ලී කාගෙල් උත්සාහක දිනුමක් රැස් කිරිමට සමත් විය.