වාර්ෂික රග්බි මෞලී මංගල්‍යය හෙවත් ඩයලොග් රග්බි ලිග් තරගාවලියේ දෙවන වටයේ තරග ඊයේ ආරම්භ විය.
දෙවන වටයේ තරඟ සති අන්තය ආරම්භ කරමින් CR&FC කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර එහිදි ලකුණු 19-13ක් ලෙස ලකුණු 6ක තියුණු ජයක් ලැබිමට CR&FC ක්‍රීඩකයින් සමත් විය.
තරගයේ පළමු මිනිත්තු දහය ඉක්ම වු තැන CR&FC ක්‍රීඩක ප්‍රින්ස් චාමරට හිමි වු දඩුවම් පහරත් සමග CR පිළ ලකුණු සටහන් කිරිම ආරම්භ කලේය. 12වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වු යුධ හමුදා ක්‍රීඩක උපුල් අබේරත්න තැබු උත්සහක දිනුමත් සමග යුධ හමුදාව ද ලකුණු සටහන් කිරිම ආරම්භ කලේය. මනා සටන් විලාසයක් පෙන්නුම් කරමින් තරඟ වැදුණු සොල්දාදුවන් තරඟයේ ආධිපත්‍යය තමන් වෙත නතු කරගනිමින් තවත් උත්සහක දිනුමක් වාර්තා කිරිමට සමත් විය. ඒ සමඟ ලකුණු තත්වය 03-10ක් විය. නැවත ක්‍රියාත්මක වු ප්‍රින්ස් චාමර ප්‍රථම භාගය නිමා විමට සුළු මොහොතක් තිබියදි තවත් දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් විය. ඒ අනුව පළමු භාගය නිමාවුයේ ලකුණු 06-10ක් ලෙස යුධ හමුදාව පෙරමුණ ගනිමිනි.
දෙවන අර්ධයේදී CR&FC ක්‍රීඩකයින් තරගයට අවතිර්ණ වෙමින් සංසක ආරියරත්නය උත්සහක දිනුමක් වාර්තා කිරිමට සමත් විය. එම උත්සහක දිනුමත් සමග තරඟය වඩාත් ත්‍රීව වු අතර එක් ලකුණක පරතරය අවසන් කරමින් ක්‍රියාත්මක වු යුධ හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාර මිටර් 22 කණුව අභියසදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් යුධ හමුදා ලකුණු පුවරුව ලකුණු 13 දක්වා ඔසවා තැබිමට සමත් විය.
යුධ හමුදා උපක්‍රම මැනවින් නිරික්ෂණය කළ CR&FC ක්‍රීඩක කාංචන රාමනායක දෙවන අර්ධයේදී තැබු උත්සහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය විය. ඒ අනුව ලකුණු 13-16ක් ලෙස ඉදිරියට පැමිණිමට CR ක්‍රීඩකයින් සමත් විය. තරගය නිමාවිමට මිනිත්තු දහයක් තිබියදි නැවත ක්‍රියාත්මක වු CR&FC පිළ දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගය ලකුණු 13-19ක් ලෙස අවසන් කිරිමට සමත් විය.
ඩයලොග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික රග්බි කණ්ඩායම අතර කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවිය. තරඟය ලකුණු 16-11ක් ලෙස ජයගත් පොලිස් කණ්ඩායම තරඟය නිමා කලේ 2015/16 සදහා වු ඩයලොග් රග්බි තරගාවලියේ තමන් වාර්තා කල හොදම ලකුණු පුවරුවද සමගිනි.
දෙපිළෙහිම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සහභාගි වි තිබු අතර අබාධයක් හේතුවෙන් සති 03ක් රග්බි පිටියෙන් විවේක ගෙනතිබු පොලිස් ක්‍රීඩක බිලාල් හසන්ද මෙම තරගයේදි ක්‍රීඩා කරනු දක්නට ලැබිම විශේෂිත විය.
විනිසුරු ප්‍රියන්ත ගුණරත්නගේ ආරම්භක සංඥාවත් සමග ආරම්භ වු තරගයේ හතරවැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වු පොලිස් ක්‍රීඩක මොහොමඩ් අබ්සාල් ප්‍රථම උත්සහක දිනුම වාර්තා කිරිමට සමත් විය. එම උත්සහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කිරිමට රිසා රෆයිඩින් සමත් විය.
නැවියන් හට උපක්‍රමශීලීව පහර එල්ල කරමින් නැවත ක්‍රියාත්මක වු පොලිස් ක්‍රීඩක රිසා රෆයිඩින් මිටර් 40 සිමාවේ සිට එල්ල කරන ලද දඩුවම් පහර සාර්ථක විය. ඒ වන විට ලකුණු තත්වය ලකුණු 10-00 විය. බිද වැටුණු නාවික බල ඇණියේ මානසිකත්වය ගොඩගනිමින් තිළිණ විරසිංහ මිටර 25 කණුවේ සිට එල්ල කළ දඩුවම් පහර සාර්ථක විමත් සමග නාවික හමුදාව ද ලකුණු ලබාගැනිම ආරම්භ කලේය.
විනය විරෝධි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ පොලිස් ක්‍රීඩක චුල සුසන්ත හට කහ කාඩ්පතක් පෙන්වා නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවිමට විනිසුරුවරයා තිරණය කලේය.
එයින් නැවත් නැගිසිටි නැවියන් තවත් දඩුවම් පහරක් සාර්ථක කරගත්තේ පොලිස් බලඇණිය වික්ෂිප්ත කරමිනි. නලා නාදයත් සමග ප්‍රථම භාගය අවසන් වුයේ ලකුණු 10-06ක් ලෙසය.
දෙවන අර්ධය ආරම්භ විමත් සමග නාවිකයන් නැවත පෙරමුණ ගැනිමට උත්සහ කළත් ඔවුන්ගේ අපරික්ෂාරී පහරවල් හේතුවෙන් නැවියන්ට ලකුණු කිහිපයක් මගහැරුණු අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් පොලිස් ක්‍රීඩක රීසා මුබාරක් 15වැනි මිටර කණුවේ සිට එල්ල කළ දඩුවම් පහර සාර්ථක විය. පොලිස් ක්‍රීඩකයින් තරගය සිය අණසකට යටත්ව පවත්වාගැනිමට උත්සහ කළත් පොලිස් ක්‍රීඩක බිලාල් හසන්ගේ විනය විරෝධී පහරක් හේතුවෙන් ඔහුටද කහ කාඩ්පතක් පෙන්වා ක්‍රීඩාගාරය වෙත යැවිමට විනිසුරුවරයා තිරණය කළේය. මෙයින් පසු වඩා ප්‍රවේගකාරි සටන් විලාසයකින් යුතුව නැවියන් ක්‍රීඩා කළ අතර සුරංග පුෂ්පකුමාර උත්සහක දිනුමක් වාර්තා කිරිමට සමත් වු අතර ලැබු ප්‍රවර්ථන තිළිණ විරසිංහ විසින් අසාර්ථක කර ගත්තේය. ඒ අනුව ලකුණු පුවරුව ලකුණු 13-11ක් විය. තරගයේ ජයග්‍රහණය දෙපිළෙහිම අවශ්‍යතාවය වුවත් තාක්ෂණික ක්‍රමවේද සහ ප්‍රයෝග මැනවින් දත් පොලිස් ක්‍රීඩකයින් එය මනාව ප්‍රදර්ශනය කරමින් තරගය නිමාවිමට මිනිත්තු අටක් තිබියදි තවත් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 16-11ක් ලෙස ජයගන්නට සමත් විය.
මේ අතර දෙවැනි වටයේ තවත් තරගයක් ප්‍රභල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදි ලකුණු 38-05ක් ලෙස ප්‍රභල ජයක් ලැබිමට හැව්ලොක්ස් ක්‍රීඩකයින් සමත් විය. නවක ක්‍රීඩකයින් මුහුණු රැසක් තරගයේ දකින්නට ලැබු අතර තරගයේ ලකුණු ලබාගැනිම ආරම්භ කරමින් හැව්ලොක්ස් ක්‍රීඩක ප්‍රසාද් මධුෂාන් උත්සහක දිනුමක් වාර්තා කළ අතර රිම්සි රමල්ඩීන් විසින් ප්‍රවර්ථනය අසාර්ථක කරගත්තේය. නැවත 20 මිනිත්තුවේ ක්‍රියාත්මක වු හැව්ලොක්ස් ක්‍රීඩක සදුන් හේරත් රැස් කළ උත්සහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කිරිමට රිම්සි සමත් විය.
එ අනුව ලකුණු තත්වය ලකුණු 12-00 විය. හැව්ලොක්ස් ක්‍රීඩකයින් තවත් උත්සහක දිනුමක් වාර්තා කලේ ප්‍රතිවාදි ගුවන් භටයන් දැඩි මානසික පිඩනයකට ලක්කරමිනි. නැවත කෙමින් කෙමින් තරගයට අවතිර්ණ වු ගුවන් භටයන් ප්‍රථම භාගය නිමාවිමට සුළු මොහොතක් තිබියදි ඉෂාර මධුෂාන් උත්සහක දිනුමක් රැස් කලේය. ඒ අනුව පළමු අර්ධය නිමාවුයේ ලකුණු 05-19ක් ලෙසය.
දෙවැනි භාගය ආරම්භයේදී ක්‍රියාත්මක වු දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සහක දිනුමක් රැස් කළ අතර කෙවින් ඩික්සන් එය ගෝලයක් බවට පත්කළේය. ගුවන් හමුදා භටයන් ද දෙවරක්ම උත්සහක දිනුම් කණුව අසලට පැමිණියත් ඔවුනට ලකුණු ලබා නොදිමට හැව්ලොක්ස් ක්‍රීඩකයින් වග බලාගත්හ. නලා හඩින් තරගය අවසන් වු අතර ලකුණු 38-05ක් ලෙස විශිෂ්ට ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමිවිය. තරගයේ විරයා ලෙස හැව්ලොක්ස් ක්‍රීඩක සදුන් හෙරත් සම්මාන ලැබිය.
ඩයලොග් රග්බි ලිග් දෙවන වටයේ තවත් තරගයක් කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විය. ඒ අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා මෙතෙක් සහභාගි වු තරඟ සියල්ලම පරාජය වු CH&FC කණ්ඩායම අතරය.
තරගය අාරම්භයේ මහනුවර ක්‍රීඩක ගයාන් රත්නායක උත්සහක දිනුමක් වාර්තා කළ අතර අර්ෂාඩ් ජමාල්ඩීන් විසින් ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. පියුමාල් මංචනායක තවත් උත්සහක දිනුමක් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා කරන්නට සමත් විය. ජමාල්ඩීන් විසින් ප්‍රවර්ථනය සාර්ථක කරගත් අතර ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 15-00ක් ලෙසය. CH&FC ක්‍රීඩකයින් ලකුණු රැස්කිරීමට උත්සහා කලද මහනුවර කණ්ඩායම ඒ්වා වලකාලීමට සමත් විය. ලවන්ග පෙරේරා සහ ශ්‍රිනාත් සුරියබණ්ඩාර මහනුවර වෙනුවෙන් උත්සහක දිනුම් වාර්තා කළ අතර එයින් ලැබුණු ප්‍රවර්ථන දෙකම ජමාල්ඩීන් විසින් අසාර්ථක කරගත්තේය.
ලකුණු තත්වය ලකුණු 24-00ක් ලෙස පවතින විට නැවතත් ක්‍රියාත්මක වු මහනුවර ක්‍රීඩක දමිත ජයසුරිය අලංකාර උත්සහක දිනුමක් වාර්තා කල අතර ප්‍රථම භාගය නිමාවිමට සුළු මොහොතක් තිබියදි ලවන්ග පෙරේරා දෙවන උත්සහක දිනුමත් වාර්තා කලේය. ඒ අනුව ප්‍රථම භාගය නිමාවුයේ ලකුණු 41-00ක් ලෙසය.
දෙවැනි අර්ධයේ ද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි මහනුවර ක්‍රීඩකයින් තරගය තම සියතට ගත්තෙය. දෙවැනි භාගයේදී මහනුවර වෙනුවෙන් ලෝචන ගිරියාගම සහ උචිත ජයසුරිය උත්සහක දිනුම් වාර්තා කිරිමට සමත් විය. පරාජයෙන් මිදිමට තිබු එකම අවස්ථාව සාර්ථක කරගත් CH ක්‍රීඩකයින් ඔවුන්ගේ ලකුණු පුවරුව මත සටහන් වු එකම උත්සහක දිනුම වාර්තා කිරිමට දිමල් ජයසිංහ සමත් විය. නැවත දඩුවම් පහර දෙකක් සාර්ථක කරගත් CH ක්‍රීඩකයින් සිය ලකුණු පුවරුව ලකුණු 13 දක්වා ඉහළ දැමිමට සමත් විය. තරගය අවසන් විමට සුළු මොහොතක් තිබියදි ශ්‍රීනාත් ජයසුන්දර දෙවැනි උත්සහක දිනුම වාර්තා කිරිමත් සමග තරගය ලකුණු 78-13ක් ලෙස දැවැන්ත ජයක් මහනුවර ක්‍රීඩා සමාජයට හිමිකරදෙමින් නිමා විය.