Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ මෙවර පැවැත්වු සති අන්ත තරගවල දී අපරාජිත මහනුවර, හැව්ලොක්, පොලිස් සහ CR&FC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
රග්බි සති අන්තය ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 27-25ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට CR&FC සමත් විය.
තුන්වැනි මිනිත්තුව ගෙවී යෑමත් සමඟ ක්‍රියාත්මක වූ තාරික් සාලි තැබූ උත්සාහක දිනුම ප්‍රින්ස් චාමර විසින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමත් සමඟ CR&FC ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
ඊට සුළු මොහොතකට පසු එනම් 10 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක තිළිණ විරසිංහ හට හිමි වූ දඬුවම් පහර සාර්ථක වීමත් සමඟ නැවියන් ද සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
නැවත 18 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ තිළිණ විරසිංහ ගෝල දිනුමක් රැස් කිරිමත් සමඟ ලකුණු තත්වය 10-07ක් විය. ඊට ප්‍රතිචාර ලෙස CR&FC ක්‍රීඩකයින් ද තවත් උත්සාහක දිනුමක් රැස් කළේ තරගයේ පෙරමුණ ගනිමිනි.
නැවත 25 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ තිළිණ විරසිංහ ඔහු විසින්ම තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය වීමත් සමඟ පළමු භාගය නිමා වූයේ ලකුණු 17-14ක් ලෙස නැවියන් පෙරමුණේ තබමිනි.
නාවික හමුදාව සහ CR&FC තරගයේ ඡායාරූප
දෙවැනි අර්ධය ඉතා උණුසුම් මුහුණු වරක් ගත් අතර දෙපිළම කරට කර තරගයක සිටියේය. CR ක්‍රීඩක පණ්ඩුක අංගම්මනගේ තැබූ උත්සාහක දිනුම ප්‍රින්ස් චාමර ගෝලයක් බවට පරිවර්තනය කළේය.
CR ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් වූ තිළිණ විරසිංහ මීටර් 45 කණුවේ සිට එල්ල කරන ලද දඬුවම් පහර සාර්ථක විය. තරගය නිමා වීමට මිනිත්තු 12කට පෙර ක්‍රියාත්මක වු නාවික හමුදා ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ තැබූ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 25-24ක් ලෙස දැක්විණි.
තරගය නිමා වීමට සුළු මොහොතකට පෙර ප්‍රින්ස් චාමර ප්‍රතිවාදීන් අන්දමන්ද කරමින් එල්ල කළ තරගයේ තිරණාත්මක දඬුවම් පහර සාර්ථක වීමත් සමඟ තරගය නිමා වූයේ ලකුණු 27-25ක් ලෙස තියුණු ජයක් CR&FC පිළට හිමිකර දෙමිනි.
CR&FC ලකුණු 27ට ගෝල දිනුම් 03ක් සහ දඩුවම් පහර 02ක් හිමි වූ අතර නාවික හමුදාවේ ලකුණු 25ට ගෝල 02ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02ක් ඇතුළත් විය.
Dialog රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. පොලිස් සහ CH&FC කණ්ඩායම් අතර පැවති මෙම තරගයේ දී ලකුණු 29-17ක් ලෙස CH&FC පරාජය කිරිමට පොලිස් පිළ සමත් විය.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම සිය සුපුරුදු දක්ෂතා පෙන්නුම් කරමින් ක්‍රීඩා කළ අතර දෙපිළෙහිම ආරක්ෂක වළලු ඉතා ශක්තිමත්ව පැවතිණි. නමුත් CH&FC ආරක්ෂක වළල්ල සිදුරු කරමින් ක්‍රියාත්මක වු චූල සුසන්ත තරගයේ ප්‍රථම උත්සාහක දිනුම රැස් කළේය.
ඒ සමඟම ක්‍රියාත්මක වූ CH ක්‍රීඩකයින් ද ගෝලයක් තම ලකුණු පුවරුව මත සටහන් කළේ පොලිස් ඇස් වසන් කරමින්. දෙපිළම අතර විටින් විට දෝලනය වු පන්දුව සමඟ ප්‍රථම අදියර නිමා වූයේ ලකුණු 10-07ක් ලෙස පොලිස් පෙරමුණේ පසුවෙමිනි.
දෙවැනි භාගයේ ආරම්භයේම ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් තබා තරගය සිය අණසකට ගන්නට උත්සාහ කළ අතර නැවත ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩක මොහොමඩ් රිස්වාගේ උත්සාහක දිනුමත් සමඟ එය යථාර්ථයක් විය.
නළා හඩින් අවසන් වු තරගයේ ලකුණු 29-17ක් ලෙස පොලිසියට ජය හිමි විය. පොලිස් පිළ වෙනුවෙන් චූල සුසන්ත, චානක උදාර සහ මොහොමඩ් රිස්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා රෆයිඩින් විසින් ප්‍රවර්තන 02ක් සාර්ථක කරගත්තේය.
පොලිස් සහ CH&FC තරගයේ ඡායාරූප
පොලිස් පිළට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට සජිත් බණ්ඩාර සමත් විය.
මෙවර Dialog රග්බි තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 60-16ක් ලෙස දැවැන්ත ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
මහනුවර සහ ගුවන් හමුදාව තරගයේ ඡයාරෑප
විශ්වමිත්‍ර ජයසිංහගේ උත්සාහක දිනුමත් සමඟ ආරම්භ වූ මහනුවර ලකුණු පුවරුවට ඊට සුළු මොහොතකට පසු තවත් උත්සාහක දිනුමක් වාර්තා විය. තම ප්‍රබල සටන් ක්‍රම උපයෝගි කරගනිමින් ගුවන් භටයන් දඬුවම් පහර 02ක් සාර්ථක කරගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. ඒ දඩුවම් පහර දෙක තමන් සතුකර ගන්නට චරිත් සෙනෙවිරත්න සහ නුවන් පෙරේරා සමත් විය.
ලකුණු සටහන 06-12ක් වශයෙන් පැවති විට ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩක රොෂාන් විරරත්න ගෝලයක් හිමි කර ගත් අතර නැවත ගුවන්භට සෙනෙවිරත්නට හිමි වූ දඬුවම් පහර සාර්ථක විමත් සමඟ ලකුණු තත්වය 09-19ක් විය. නැවත පිට පිට ගෝල ත්‍රිත්වයක් තැබූ මහනුවර ප්‍රථම භාගය නිමා කළේ ලකුණු 31-09ක් ලෙස ප්‍රබල තත්වයක පසුවෙමිනි.
දෙවැනි වටයේ ද සිය සුපුරුදු දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කළ මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුම් 6ක් සමඟින් ලකුණු 29ක් රැස් කළ අතර ගුවන් හමුදාවට එම අර්ධයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 07ක් පමණි. ඒ අනුව ලකුණු 60-16ක් ලෙස දැවැන්ත ජයක් මහනුවර හිමිකර ගත්තේ තම අපරාජිත බව රැකගනිමිනි.
තරග සතිඅන්තය අවසන් කරමින් ප්‍රබල හැව්ලොක් සහ යුද හමුදා කණ්ඩායම් තරග වැදුණු අතර එහි දී ලකුණු 39-16ක් ලෙස විශිෂ්ට ජයක් හැව්ලොක් පිළට හිමි විය.
හැව්ලොක් කණ්ඩායමේ ලකුණු 39ට උත්සාහක දිනුම් 03ක්, ගෝල දිනුම් 03ක් සහ දඬුවම් පහරක් ඇතුළත් වූ අතර යුද හමුදාවේ ලකුණු 16ට උත්සාහක දිනුම් එකක් සහ දඬුවම් පහර 02ක් ඇතුළත් විය. පළමු අර්ධයේ සිටම දෙපිළම ඉතා තියුණු සටන් විලාසයක් පෙන්නුම් කළ අතර පළමු අර්ධය නිමා වන විට ලකුණු තත්වය 17-15ක් විය.
දෙවැනි අර්ධයේ දී වඩා සටන්කාමි වු හැව්ලොක් ක්‍රීඩයින් තරගයේ අවසාන මිනිත්තු අටේ දී ගෝල ද්විත්වයක් ලබාගෙන ජයග්‍රහණය තහවුරු කළේය. ජයග්‍රාහී හැව්ලොක් වෙනුවෙන් දුෂ්මන්ත ප්‍රියදර්ශන හා හිරන්ත පෙරේරා ගෝල දිනුම් එක් බැගින් වාර්තා කළ අතර නිශෝන් පෙරේරා, ජනික් ජයසූරිය හා රෙහාන් තයිගුරාජ් විසින් උත්සාහක දිනුම් සාර්ථක කරගන්නට සමත් විය. සමන්ත ලක්ෂාන් විසින් දඬුවම් පහර සාර්ථක කරගත්තෙය.
හැව්ලොක් සහ යුද හමුදාව තරගයේ ඡායාරූප
යුද හමුදාව වෙනුවෙන් අශාන් බණ්ඩාර සහ දිනුෂන් ආරියපාල විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ගයාන් සාලින්ද විසින් පරිවර්තනය හා දඬුවම් පහර සාර්ථක කරගන්නා ලදි.