ඉන්දීය ප්‍රබලයින් කිහිපදෙනෙකුට සුපුරුදු කොන්ත්‍රාත්තු අහිමි වෙයි

5501

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2021-22 තරග වාරය සඳහා ක්‍රීඩක කොන්ත්‍රාත්තු පසුගිය දා නිවේදනය කර තිබුණා.

ක්‍රීඩකයින් 27ක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තුගත වීමට නියමිත අතර ප්‍රබල ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සුපුරුදු කොන්ත්‍රාත්තු අහිමි වී තිබීම විශේෂත්වයක්.

වරෙක ඉන්දියාව සතු ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු Hardik Pandyaගේ කොන්ත්‍රාත්තුව C කාණ්ඩය දක්වා පහළ දමා තිබෙනවා. ඔහු මෙන්ම ආරම්භක පිතිකරු Shikhar Dhawan ද A කාණ්ඩයේ සිට C කාණ්ඩය දක්වා පහළට වැටී තිබෙනවා.

එක්දින ක්‍රිකට් ආකෘතියට පමණක් සහභාගී වන නිසා Dhawanව C කාණ්ඩයට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් Ravindra Jadeja හා Rishabh Pant හට A කාණ්ඩයේ කොන්ත්‍රාත්තු හිමි වීමට නියමිතව තිබෙනවා. ඔවුන් දෙදෙනා සමඟම ඉන්දීය රුපියල් කෝටි 5ක A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව KL Rahul, Ravichandran Ashwin හා Mohammad Shami හට ද හිමිව තිබෙනවා.

ඉන්දීය හිටපු නායක Virat Kohli, වත්මන් නායක Rohit Sharma හා වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පිරිනම ඉහළම කොන්ත්‍රාත්තුව වන A+ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවයි. ඔවුන් තිදෙනාගේ වසරක කොන්ත්‍රාත්තු මුදල ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 7ක්.

ඉන්දීය ටෙස්ට් උපනායක වූ Ajinkya Rahane හා අංක තුන පිතිකරු Cheteshwar Pujara, A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා පහළට වැටී තිබෙනවා. ඔවුන් සමඟම ඉන්දීය ටෙස්ට් මැදපෙළ සවිමත් කළ Axar Patel ද B කාණ්ඩයට දක්වා පහළට වැටි තිබීම විශේෂත්වයක්.

මෑත කාලයේ දී දැඩි කතාබහකට ලක් වුණු Wriddhiman Saha හා Ishant Sharma හට ද කොන්ත්‍රාත්තු පිරිනමා තිබීම විශේෂත්වයක්. Sharma B කාණ්ඩයේ රැඳී සිටින අතර Saha C කාණ්ඩය දක්වා පසුබැස තිබෙනවා. මේ අතර Mohammed Siraj C කාණ්ඩය සිට B කාණ්ඩය දක්වා උසස් වීම් ලබා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේක්ෂිත මධ්‍යගත කොන්ත්‍රාත්තු

  • A+ කාණ්ඩය (ඉන්දීය රුපියල් කෝටි 7)Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah
  • A කාණ්ඩය (ඉන්දීය රුපියල් කෝටි 5)Ravichandran Ashwin, Ravindra Jadeja, KL Rahul, Mohammed Shami, Rishabh Pant
  • B කාණ්ඩය (ඉන්දීය රුපියල් කෝටි 3)Cheteshwar Pujara, Ajinkya Rahane, Axar Patel, Shardul Thakur, Shreyas Iyer, Mohammed Siraj, Ishant Sharma
  • C කාණ්ඩය (ඉන්දීය රුපියල් කෝටි 1)Shikhar Dhawan, Umesh Yadav, Bhuvneshwar Kumar, Hardik Pandya, Washington Sundar, Deepak Chahar, Shubman Gill, Hanuma Vihari, Yuzvendra Chahal, Suryakumar Yadav, Wriddhiman Saha, Mayank Agarwal

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<