අන්තර් සමාජ ඩයලොග් රග්බි ලිග් තරගාවලියේ හයවන සතියේ තරඟ පසුගියදා කොළඹ නගරය කේන්ද්‍රකොට ගෙන පැවැත්විණි.
තරඟ සති අන්තය ආරම්භ කරමින් පැවතියේ කාගේත් අවධානය යොමු වුත්, ශ්‍රී ලංකා රග්බි ප්‍රේක්ෂකයන් ට කාලෙකින් නැරඹීමට හැකි වුත් උද්වේගකාරි තරඟයකි. ඒ මෙතෙක් අපරාජිතව සිටි කණ්ඩායම් දෙකක් වන මහනුවර කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතරයි. කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වු මෙම තරගයේදි මෙතෙක් අපරාජිතව සිටි ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩකයින් පරාජය කිරිමට ප්‍රබල මහනුවර ක්‍රීඩකයින් සමත් විය. තරඟය නිමාවුයේ ලකුණු පුවරුව 18-08ක් ලෙස සනිටුහන් කරමිනි.
තරගය ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩක අර්ෂාඩ් ජමාල්ඩීන් ප්‍රථම දඩුවම් පහර සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු පුවරුවේ ලකුණු සටහන් කිරීම ආරම්භ කළ අතර මහනුවර පිළේම ක්‍රීඩක විශ්වමිත්‍ර ජයසිංහ සාර්ථක කරගත් උත්සහක දිනුමත් සමග තරගයේ පළමු අර්ධය නිමා වුයේ ලකුණු 08-00 ලෙසය. පළමු අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් හෝ ලබාගැනිමට මහනුවර ක්‍රීඩකයින් ඉඩනොතැබු නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වු හැව්ලොක්ස් ක්‍රීඩක රිම්සි ජමාල්ඩීන් සාර්ථක කරගත් දඩුවම් පහරක් මගින් හැව්ලොක්ස් පිළ ද ලකුණු ලබාගැනිම ආරම්භ කළේය.
මහනුවර ක්‍රීඩක රොෂාන් විරරත්න ද දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 11-03 ක් ලෙස මහනුවර පිළ ඉදිරියට ගෙන ගිය අතර මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ෆයිස් මර්ජා ද උත්සහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රවර්ථනය විරරත්න විසින් සාර්ථක කිරිමත් සමඟ ලකුණු පුවරුව 18-03ක් විය. තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ පවා තරගය අතනොහැරි හැව්ලොක්ස් ක්‍රීඩකයින් තරගය අවසානවිමට සුළු මොහතකට පෙර ක්‍රියාත්මක වු හැව්ලොක්ස් පිළේ යොවුන් ක්‍රීඩක කෙවින් ඩික්සන් විසින් උත්සහක දිනුමක් වාර්තා කිරිමට සමත් විය. එම උත්සහක දිනුමත් සමග ලකුණු තත්වය 18-08ක් විය. හැව්ලොක්ස් ක්‍රීඩකයින් පරාජය වුවත් ඔවුන්ගේ ප්‍රවේගකාරි සටන් රටාව තරගය පුරාම දක්නට ලැබිම විශේෂත්වයක් විය.
මේ අතර තරග සති අන්තයේ දි තවත් සුවිශේෂ තරගයක් පැවැත්විය. ඒ CR & FC කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරය. කොළඹ ලොන්ඩන් පෙදෙසේ පැවැති මෙම තරගයේ ලකුණු 20-21ක් ලෙස තියුණු ජයක් ලැබිමට නැවියන්ට හැකිවිය.
තරඟය ආරම්භ කරමින් නාවික හමුදා ක්‍රීඩක තිළිණ විරසිංහ දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කිරිම ආරම්භ කළ අතර දෙවනුව ද ඔහු විසින්ම සාර්ථක කරගත් තවත් දඩුවම් පහරක් සමගින් ලකුණු පුවරුව 06-00ක් විය. ක්ෂණිකව ක්‍රියාත්මක වු CR & FC ක්‍රීඩක කවිදු ද කොස්තා ලබාගත් උත්සහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කරමින් ලකුණු 07-06ක් ලෙස CR & FC ක්‍රීඩකයින් ඉදිරියට පැමිණි අතර පළමු අර්ධය නිමාවුයේ ලකුණු 16-13ක් ලෙසය. නාවික හමුදාව වෙනුවෙන් ප්‍රථම භාගයේදී යෝෂිත රාජපක්ෂ උත්සහක දිනුමක් වාර්තා කිරිමට සමත් විය.
දෙවන අර්ධයේදී තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගත් නැවියන් ලකුණු 21-13ක් ලෙස තරගයේ පෙරමුණ ගත් අතර නැවත තරගයට අවතිර්ණ වු CR & FC ක්‍රීඩකයින් තවත් ගෝලයක් ලබා ලකුණු තත්වය ලකුණු 20 දක්වා ඉහළ දැමුවත් එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවිය. ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් නාවික හමුදා කණ්ඩායමට හිමිවිය.