මැක්ස්වෙල්ගේ ඉනිම ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

245

සිම්බාබ්වේ, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලීග් වටය අවසන් කරමින් පැවැත්වෙන අවසන් තරගය ඊයේ (06) සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වූයේ හරාරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරගය ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය අතර තරගයේ අවසන් පන්දුව ඉතිරි වද්දී ජයග්‍රහණය තමා සතුකර ගන්නට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම තරගාවලියේ අවසන් තරගය එළඹෙන ඉරිදා (08) පැවැත්වීමට කටයුතු සූදානම්ව පවතී.

පකිස්තාන වේගපන්දු කැන්ගරු දේශයට රිදවයි

මෙම දිනවල සිම්බාබ්වේ දී පැවැත්වෙනු ලබන පාකිස්තානය, සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව සහභාගී වන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ…..

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළෙය. ඒ අනුව පිතිකරණය ආරම්භ කරමින් සුවායෝ සහ මීරේ පිටියට පිවිසි අතර සුවායෝට වැඩි වේලා පිටියේ රැඳෙන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ස්ටැන්ලේක් ඉඩ ලබා නොදෙන්නේ ඔහුව ලකුණු නොලබා දවා ගැනීමත් සමඟය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම විශේෂිත දක්ෂතා දැක්වූ සොලමන් මීරේ මෙම තරගය තුළ දී ද විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 63ක් පන්දු 52 දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් වාර්තා කරන්නට සමත් විය. ඔහු සිම්බාබ්වේ  ඉනිමේ නැංගුරම බවට පත් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද එය විය.

මීරේ හැරුණු කොට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ මුවර් ය. මැදපෙළ ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි ඔහු පන්දු 29ක දී ලකුණු 30ක් වාර්තා කර ගන්නට සමත් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ආරොන් ටයි පන්දුවාර 4ක දී ලකුණු 28ක් ලබා දී කඩුලු තුනක් දවා ගත් අතර ස්ටැන්ලේක් හා රිචඩ්සන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේය. තරගය පුරාම පැවති මද සුළං තත්ත්වය පන්දුවේ දෝලනයට විශාල බලපෑමක් එල්ල කළ අතර එවැනි තත්ත්වයක මෙවැනි ලකුණු සංඛ්‍යාවක් ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට විචාරකයන් සඳහන් කළේය.

නොදැවුණු ශතකයක් සමඟින් තිරිමාන්න වීරයා වෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල්…..

ඒ අනුව 152ක් ඉලක්කයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ දිස් විය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස නායක ඒරෝන් ෆින්ච් ලකුණු 3ක් ලබා සිටිය දී දැවී යන අතර එය සිම්බාබ්වේ කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය. ඒ මන්දයත් මීට පෙර තරගයේ දී ඔවුන්ට එරෙහිව ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට ඒරෝන් ෆින්ච් සමත් වීම යි. කෙසේ වෙතත් පිටියේ එකතු වන හෙඩ් සහ මැක්ස්වෙල් කැන්ගරුවන්ගේ ඉනිම සාර්ථකව දියත් කරන්නට උත්සාහ කරන අතර පිළිවෙළින් ලකුණු 48ක් සහ 56ක් ලබා ගත්තේය. මැක්ස්වෙල්ගේ ඉනිම 6 පහර 5කින් වර්ණවත් විය. සිම්බාබ්වේ වෙනුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මුසරබානී කඩුලු 3ක් දවා ගන්නට සමත් වන අතර ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය.

අවසන් පන්දුවාරය දක්වා තරගය ඇදී ගිය අතර ත්‍රීපානෝ එම පන්දුවාරය ක්‍රියාත්මක කළේය. පන්දු 6ක දී ලකුණු 7ක් ලබා ගැනීම ඕස්ට්‍රේලියාවට තිබූ ඉලක්කය වූ අතර අවසන් පන්දු දෙකට ලකුණු 2ක් ලබා ගැනීමට තිබිය දී හතරේ පහරකින් තරගය ජය ගන්නට ඕස්ට්‍රේලියාවට හැකි විය.

කලකට පසු ඉතා හොඳ තරගයක් ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වීම් කැපී පෙනෙන ලක්ෂණයකි. කෙසේ වෙතත් තරගයේ  ජය ඕස්ට්‍රේලියාව වෙත හිමි විය.

තරගයේ වීරයා: අන්දෘ ටයි

  • සිම්බාබ්වේ 151 – 9 (මීරේ 63, ටයි 3-28)
  • ඕස්ට්‍රේලියාව 154 – 5 (මැක්ස්වෙල් 56, හෙඩ් 48, මුසරබානී 3-21)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<