සිම්බාබ්වේ කණ්ඩායමට දඩ!

2207

ඊයේ (8) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හම්බන්තොට දී පැවැත්වූ සිව්වන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් රඳවා ගෙන පන්දු යැවීම නිසා ඔවුන්ට දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (9) තීරණය කර තිබේ.

නායකයෙක් ලෙස මම විශාල පීඩනයකට හසුවුනා – මැතිව්ස්

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායක ධූරය දැරූ ඇන්ජලෝ මැතිව්ස්, අද (8) අවසන් වූ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා සිව්වන ජාත්‍යන්තර…

එම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම නියමිත කාලය තුල යවා ඇත්තේ පන්දුවාර 49ක් බවත්, අතිරේක කාලයක් ලබාගෙන එක් පන්දුවාරයක යවා ඇති බවත්, එම තරගයේ තරග තීරක විනිසුරුතුමන් වූ ක්‍රිස් බෝර්ඩ් මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනිසුරු මණ්ඩලය වෙත දන්වා තිබේ.

ක්‍රීඩකයින් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කර ඇති නීතිමය සංග්‍රහයේ 2.5.1යන වගන්තිය අනුව, එය එතරම් බරපතළ වරදක් නොවූවද, එම කණ්ඩායමේ නායකයා හට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් හා අනෙකුත් ක්‍රීඩකයින්ට 10%ක දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවසර ඇත.

මෙම වරදට පසුව මාස 12ක් තුල නැවත වතාවක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක දී  අඩු පන්දුවාර වේගයක් රඳවා ගෙන ක්‍රීඩා කළහොත්, සිම්බාබ්වේ කණ්ඩායම් නායක වන ග්‍රැහැම් ක්‍රීමර් හට තරග තහනමකට ද මුහුණ දීමට සිදු විය හැක.

ක්‍රීමර් විසින් එම වරද පිළිගත් අතර, ඒ නිසා විධිමත් නඩු විභාගයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.

එම තරගයේ විනිසුරුවරුන් ලෙස ක්‍රියා කළේ, නයිජල් ලෝන්ග් හා රැන්මෝ මාර්ටිනස් වන අතර තරගයේ තෙවන විනිසුරු ලෙස ඉයැන් ගුල් හා සිව්වන විනිසුරු ලෙස රුචිර පල්ලියගුරු යන මහත්වරුන් කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ද නිමා වූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මේ වරද නිසාම දඩයක් නියම වූ අතර, උපුල් තරංග හට තරග තහනමක් ද පැනවිණි. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරගාවලිය අතරතුර ද ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා අනෙකුත් ක්‍රීඩකයින්ට මේ ආකාරයෙන්ම දඩ නියම විය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට