සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

25087

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19) එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වුණු  එහි දී වහාම ක්‍රියාත්මක පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ඇතුළු තවත් ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.

පළාත් තරගාවලියේ මංගල ශතකය කමිල් මිශාරගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්……

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වූ සිම්බාබ්වේ කණ්ඩායමට මේ අවාසනාවන්ත ඉරණමට  දීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රෙගුලාසි පද්ධතියේ 2.4 c හා d යන වගන්තිවලට පිටුපා යමින් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සඳහා ක්‍රියාවලියක් සැපයීමට අපොහොසත් වීම සහ ක්‍රිකට් සඳහා පිළිවෙළින් එහි පාලනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බව සහතික කිරීම සඳහා අපොහොසත් වීම යන කරුණු කාරනා සැලකිල්ලට ගනිමිනි. 

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් හෝ තරග ඉසව්වක් සඳහා ඔවුන්ට සහභාගී වීමට නොහැකි අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට ගෙවනු ලබන දීමනා ඇතුළු සියලුම වරප්‍රසාද අහිමි වී යනු ලැබේ. 

මේ වන විට තේරී පත් වූ සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය මාස තුනක් ඇතුළත නැවත සේවයේ පිහිටුවන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දන්වා තිබෙන අතර එහි ප්‍රගතිය සලකා බලා ඔක්තෝබර් මාසයේ දී පවත්වනු ලබන පාලක මණ්ඩල රැස්වීමේ දී ඔවුන්ගේ සාමාජිකත්වය නැවත වතාවක් සලකා බලනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම විශේෂ තීරණය ගැනීමට පෙර සිම්බාබ්වේ රජයේ සහ සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් වෙත මේ සම්බන්ධව දැනුවත් කර තිබේ.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු IPL වලට

2019 ලෝක කුසලානයේ උණුසුම තවමත් මැකී ගොස් නැත. ලෝක කුසලානය……

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා මේ සම්බන්ධව මෙසේ පැවසීය. “අපි සාමාජිකයෙකුගේ සාමාජිකත්වයක් ඕනවට එපාවට අත්හිටුවීමට තීරණය කරන්නේ නැහැ, නමුත් අපි අපේ ක්‍රීඩාව දේශපාලන මැදිහත්වීමෙන් තොරව තබා ගත යුතුයි. සිම්බාබ්වේ හි සිදුවී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය තවදුරටත් පාලනයකින් තොරව කරගෙන යාමට අපට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ.” 

මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අර්ධ කාලීන සාමාජිකයින් ලෙස කටයුතු කරන ක්‍රොඒෂියා ක්‍රිකට් සම්මේලනය සහ සැම්බියා ක්‍රිකට් සංගමය යන දෙකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්ව නිර්ණායකයන්ට අනුකූල නොවීම හේතුවෙන් අත්හිටුවා තිබේ.

මොරොක්කෝ රාජකීය ක්‍රිකට් සම්මේලනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්ව නිර්ණායක 2.2 (b) (ii), 2.2 (b) (iii), 2.2 (b) (iv) සහ 2.2 (e) (i) යන වගන්ති දිගින් දිගටම කඩ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් නෙරපා ඇත.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<