අහිමි කළ සාමාජිකත්වය පිළිබඳ ICCය සලකා බලයි

66

අහිමි වූ සාමාජිකත්වය නැවත වතාවක් හිමිකර ගනිමින් කඩා වැටී තිබෙන තම ක්‍රිකට් ක්‍රීඩාව විධිමත්ව යලි නඟා සිටුවීමේ අවස්ථාවක් මෙවර සිම්බාබ්වේ සහ නේපාල ක්‍රිකට් පරිපාලන මණ්ඩලයන් හට උදා වී තිබේ.

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු……

අනවශ්‍ය දේශපාලනික මැදිහත් වීම් සහ දූෂිත නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසාවෙන් ගරා වැටී තිබුණු එරට ක්‍රිකට් ක්‍රීඩාවේ එම අඳුරු යුගයට තිත තබමින් බලාපොරොත්තු දල්වාගත හැකි, තම ස්වාධිපත්‍යය ආරක්ෂා කරගනිමින් සෘජු තීරණ ගත හැකි නිලධාරි මණ්ඩලයකින් සමන්විත ක්‍රිකට් පරිපාලන ආයතනයක් බිහිකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ එරට ක්‍රිකට් පරිපාලනය එකඟතාව පළකොට ඇත.

මෙම වසරේ ජූලි මාසයේ දී ICC විසින් සිම්බාබ්වේ රාජ්‍යය තම සාමාජික ලැයිස්තුවෙන් නෙරපා හැරීමට ගත් තීරණයත් සමඟම එතෙක් නිදා සිටි වගකිව යුත්තන් රැසකගේ ඇස් විවර වූ අතර ඒ අනුව එතෙක් තිබූ අවිධිමත් පරිපාලනයට සමුදී අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුතු ක්‍රිකට් ආයතනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට මේ වන විට ඔවුන් සමත් වී තිබේ.

ඊයේ දිනයේ දී ICC සභාපතිතුමා ඇතුළුව  ප්‍රධාන විධායක නිළධාරීතුමන් සමඟ සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් මෙන්ම එරට ක්‍රීඩා ඇමතිනි Kirsty Coventry සහ ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු කොමිසමේ සභාපති Gerald Mlothshwa යන මහත්ම මහත්මීන් පැවති සාකච්ඡා වටයන් ධනාත්මක සටහනකින් නිමා වූ නිසාවෙන් මෙවැනි තීරණයකට එළඹීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට තිබුණි.

ශතක මැෂිමේ හොඳම ඉනිම නිසා ඉන්දියාවට වාර්තාගත ජයක්!

සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය ….

මේ පිළිබඳ තම අදහස් දක්වමින් ICC සභාපතිතුමන් Shashank Manohar මහතා සඳහන් කර සිටියේ ගෙවුණු කාලසීමාව තුල සිම්බාබ්වේ ක්‍රිකට් යලි ගොඩනැගීම සඳහා එරට රජය සහ ක්‍රිකට් ආයතනය සුවිශේෂී කාර්‍යභරයක් සිදු කර ඇති බවයි.

“මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන එරට ක්‍රීඩා අමාත්‍යතුමියට මොකද මේ තත්වයට සිම්බාබ්වේ ක්‍රිකට් ගොඩගන්න ඇය විශාල කැපකිරීමක් කරලා තියෙනවා. එතුමිය ඉදිරි කාලයේ දී අපිත් සමඟ එකතු වෙලා අපේ අනාගත වැඩපිළිවෙළට සහය දක්වන්න ඉතාමත් කැමැත්තෙන් සැදී පැහැදී ඉන්නවා. නමුත් අරමුදල් ලබා දීමේ දී යම් නිශ්චිත රාමුවක සිට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත හිස වීම ගැන අපිටත් තියෙන්නේ ලොකු සතුටක්.”

මීට සමගාමීව ICC මඟින් ඉදිරියේ දී සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ තරගාවලීන් සඳහා සහභාගී වීමේ අවස්ථාව සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම හට උදා වී තිබෙන අතර ලබන වසරේ ජනවාරි මස ක්‍රියාත්මක වීමට නියමිත වයස අවු.19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2020 ICC සුපර් ලීගය සඳහා ද ක්‍රීඩා කිරීමේ වරම ඔවුන්ට හිමි වී තිබීම කැපී පෙනේ.

සුක්කානම අතට ගන්න හිටපු ඕස්ට්‍රේලියානු නායකයා සූදානම් ද?

වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටිය තහනම් කලාපයක් වුනු …….

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට අමතරව නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලයට ද වසර තුනකට ආසන්න කාලයක් සාමාජිකත්වය නොමැතිව තරග කිරීමට සිදු වූයේ එරට ක්‍රිකට් පරිපාලනයේ තිබූ අක්‍රමිකතා සහ නිලධාරීන් පත්කිරීමේ දී පැවති දූෂිත, අසාධාරණ ඡන්ද  ක්‍රමවේදය නිසාවෙනි. 

කෙසේ නමුත් මෙම මාසය මුලදී පැවති නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමකින් අනතුරුව එරට ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කාරක කමිටුව සඳහා නිලධාරීන් 17දෙනෙකු පත්කර ගැනීමට ඔවුන් පියවර ගෙන තිබුණි. පෙන්වා ඇති සාධනීය ප්‍රගතිය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව නැවත වතාවක් ඔවුන්ට ද සාමාජිකත්වය ලබා දීමට ICCය කටයුතු කෙරිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<