සැම්පා කට වරද්දා ගෙන

8566
Australia's Adam Zampa reacts during the 2019 Cricket World Cup group stage match between Australia and West Indies at Trent Bridge in Nottingham, central England, on June 6, 2019. (Photo by Paul ELLIS / AFP) / RESTRICTED TO EDITORIAL USE

ඊයේ (7) ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී නිමාව දුටු ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන ක්‍රිකට් තරගය අතරතුර දී ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැළපෙන අයුරින් හැසිරීමේ චෝදනාවට වරදකරු බවට පත් වීම නිසාවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් සැම්පා හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එක් අයහපත් ප්‍රසාද ලකුණක් ලබා දීමට තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාව බේරගත්ත කෝල්ටර්-නයිල් සංචිතයෙන් හැලේ?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6) ඕස්ට්‍රේලියාව හා බටහිර…

බටහිර ඉන්දීය කොදෙව්වන් පිතිකරණයේ නිරත වෙමින් සිටින විට ඉනිමේ 29 වැනි පන්දුවාරය අතරතුර පා දඟපන්දු යවන ක්‍රීඩක සැම්පා අසභ්‍ය වදන් භාවිතා කිරීම පිටියේ විනිසුරුවරුන් හට ඇසී තිබේ.

ඒ අනුව තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ හා ක්‍රිස් ගැෆ්නි යන  පිටියේ විනිසුරුවරුන් හා තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ මරායස් එරස්මස් යන විනිසුරුවරුන් විසින් තරගයට පසුව තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රොව් මහතා වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ. පසුව ICC විසින් සැම්පාට එරෙහිව එක් අයහපත් ප්‍රසාද ලකුණක් පැනවීමට තීරණය කර තිබෙන්නේ ක්‍රීඩක විනය නීති රීති මාලාවේ 2.3 යන වගන්තිය කඩකිරීම නිසාවෙනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න << 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු 5 ලකුණු 79ක් වැනි අඩු මට්ටමේ ලකුණකට දැවී ගියේය. නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් තුල ලකුණු 288ක් ලබා ගත්තේ ස්ටීව් ස්මිත්ගේ අර්ධ ශතකය හා නේතන් කෝල්ටර්-නයිල් ලබා ගත් වේගවත් ශතක සවියක් කරගෙනයි.

පිළිතුරු ඉනිම දියත් කළ කොදෙව් කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ හා පසුපෙළ ඉතාමත් ඉක්මනින් බිඳ දමමින් තරගය ඕස්ට්‍රේලියාව දෙසට රැගෙන ඒමට කටයුතු කළ මිචෙල් ස්ටාර්ක් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය. ඒ ඔහුගේ නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 46ක් පමණක් ලබා දෙමිනි. අවසානයේ ඕස්ට්‍රේලියාව එම තරගය ලකුණු 15කින් ජයග්‍රහණය කරන්නට සමත් විය.

ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය අද (06) එංගලන්තයේ …

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<