පසුගිය තරඟ වාරයේ දැක්වූ දක්ෂතා කෙසේවෙතත් ලාබාල ක්‍රීඩකයින් ගොන්නකින් සැදුම් ලත් සහීරා විද්‍යාලයට මෙවර දක්ෂතම කාණ්ඩයේ තම ස්ථානය රඳවා ගැනීම අභියෝගයක්ව පවතියි.

පසුගිය ලිපි: මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ක්‍රිකට් කිරුළ සොයා සටනට

ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක්

1892දී ආරම්භ කරන ලද සහීරා විද්‍යාලය මෙරට ප්‍රථම පෞද්ගලික මුස්ලිම් විදුහලයි. අද වන විට සිසුන් 4900ක ගෙන් හා ගුරුවරුන් 250ක ගෙන් සමන්විත මෙම පාසල ශ්‍රී ලංකාවේ විශාලතම මුස්ලිම් අධ්‍යාපන ආයතනය ද වේ.

සහීරා විද්‍යාලය තුළින් 1960 දශකයේදී ශ්‍රී ලංකාවට (එවකට සිලෝන්) ගුලාන් රසීක්, එම්. දේවරාජන් වැනි ක්‍රීඩකයන් නිර්මාණය කොට දී තිබේ.

2003 දී විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම තෙවන කාණ්ඩය දක්වා පහත හෙලන ලද බැවින් 2008 දී නැවත ප්‍රථම කාණ්ඩය වෙත පැමිණෙන තෙක් ඔවුනට වසර කිහිපයක අමිහිරි අත්දැකීමක් හිමිවිය.

අවසන් තරඟ වාරයේදී (2015/16) ඉතා හොඳ ක්‍රීඩා දක්ෂතා මඟින් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව තරඟ දක්වා පැමිණෙන්නට ඔවුන්ට හැකිවිය.

2016/17 තරග සමය

‘C’ කාණ්ඩය තුළ සිටියත් මේ වසරේ ප්‍රථම කාණ්ඩයේ 19න් පහල තරඟාවලියේදී ලාබාල කණ්ඩායමක් ලෙස තමන්ට හැකි අයුරින් තරඟාවලියට එක්වන්නට ඔවුන් මඟ බලා සිටියි. 2016/17 තරඟ වාරය ඔවුන් විසින් ආරම්භ කරනු ලැබුවේ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව අවාසනාවන්ත පරාජයක් සමඟිනි. තරඟාවලියේ මුල් කාල වකවානුවේදීම ඔවුන්ගේ කණ්ඩායම ධර්මාශෝක විදුහලට එරෙහිව ලද මුල් ඉනිමේ පරාජයද ඒ අමිහිරි මතක ගොන්නටම එක්විය.

ප්‍රධාන ක්‍රීඩකයින්

පරාජිත තරඟයේ වුවද වටිනා ශතකයක් වාර්තා කළ සජිත් සමීර, ඉහල කාණ්ඩයේ තවදුරටත් රැඳීම සහීරාවන්ට වැදගත් සාධකයකි. 2015/16 තරඟ වාරයේදී 800කට වැඩි ලකුණු ප්‍රමාණයකුත්, 40කට වැඩි කඩුළු ප්‍රමාණයකුත් වාර්තා කළ ඔහු මේ වසරේදී එය තවතවත් දියුණු කරගැනීම කෙරෙහි අවධානය යොමුකරයි.

තරඟකාරී කණ්ඩායම් අතර තම කණ්ඩායම ඔසවා තැබීමේදී ප්‍රධානියා වන්නේ නායක ඉශාන් සම්සුඩීන් ය. දකුණත් පිතිකරුවකු වන ඔහුගේ පිතිකරණයේ ස්ථාවරත්වයත්, ඔහුගේ වමත් දඟ පන්දුවේ සහයත් ඊට ඉවහල් වනු ඇත.

පුහුණු කාර්යමණ්ඩලය.

හිටපු ඉසිපතන කණ්ඩායමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්තටත්, ඔහුගේ සහායක පුහුණුකරු ශමීර් අහමඩ්ටත් මෙම නවක කණ්ඩායම පුරුදු කිරිමේත්, ප්‍රවීනයන්ගේ සහය කණ්ඩායමට ලබා ගැනීමේදීත් ප්‍රමුඛ කාර්යයක් පැවරී ඇත.

එම. ආර්. ඩී. හමීන් ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයාය

2016/17 සහිරා විද්‍යාලී ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

සාරාංශය.

15න් පහල ලාබාලයන් සිවුදෙනෙකුද සමඟින් ප්‍රථම කාණ්ඩයේදී සහීරා විදුහලට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇත. පිතිකරු සජිත් සමීරටත්, නායක ඉශාන් සම්සුඩීන්ටත් තම කණ්ඩායම ප්‍රථම කාණ්ඩයේ සුරක්ෂිතව තබා ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරන්නට සිදුවනු ඇත. ලාබාලයන් ගැන තැබිය හැකි හොඳම විශ්වාසය වන්නේ ඔවුන් ඉදිරි තරඟවල දී මුහුකුරා ගොස් දක්ෂතා දක්වනු ඇති බවය.