තුන් පිම්ම ලෝක වාර්තාව බිඳ වැටෙයි

397

වෙනිසුවේලාවේ යුලිමාර් රෝහාස් (Yulimar Rojas) මැඩ්රිඩ් හිදී පැවැත්වුණු ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලියේ මෙවර තරග වාරයේ අවසන් තරගාවලියේ දී ගෘහස්ථ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා.

යොවුන් ශූරිය නැවතත් සටනට

ඩන්කන් වයිට් හා සුසන්තිකා ජයසිංහට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් මට්ටමේ…

රුසියාවේ ටට්යනා ලෙබඩෝවා 2004 වසරේ බුඩාපේස්ට් හිදී පිහිටුවා තිබුණු මීටර 15.36ක ගෘහස්ථ තුන් පිම්ම වාර්තාව රෝහාස් මීටර 15.43ක දුරක්  වාර්තා කරමින් බිඳ දැමුවා.

දෙවරක් එම ඉසව්වේ ලෝක ශූරිය වන රෝහාස් සිය පළමු අවස්ථාව අපතේ යවා ගත් නමුත් දෙවන අවස්ථාවේ දී මීටර 14.65ක දුරක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත්තා.

තෙවැනි අවස්ථාව ඇය නැවත වතාවක් අපතේ යවා ගත් අතර සිව්වැනි වටයේ දී ඇය මීටර 15.29ක දුරක් වාර්තා කළේ ඇය විසින්ම පිහිටුවා තිබූ දකුණු ඇමරිකානු ගෘහස්ථ වාර්තාව බිඳ දමමින්. ඒ වාර්තාවත් සමඟ ඇය එම ඉසව්වේ ගෘහස්ථ වාර්තා අතර දෙවන ස්ථානයටත් පත්වුනා. 

ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා මැද්දේ ඇය සිය අවසාන අවස්ථාව ලබා ගත් අතර ලෝක වාර්තාවට තවත් සෙන්ටි මීටර හතක් එකතු කරමින් ඇය 2004 වසරේ සිට නොකැඩි පැවතුණු තුන් පිම්ම ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ දැමුවා. එය ඇයගේ එළිමහන් තුන් පිම්ම ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාවයට වඩා සෙන්ටිමීටර දෙකක් වැඩි වීම විශේෂත්වයක්. එමෙන්ම එය ගෘහස්ථ හෝ එළිමහන් අංශ දෙකේම ලොව දෙවැනියට හොඳම තුන් පිම්ම දක්ෂතාවයයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<