ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 18ක්

278
Sri Lanka Senior Women's Volleyball

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් තෝරා ගෙන ඇත.

ආසියානු ජ්‍යෙෂ්ඨ කුසලානයට 18 දෙනෙකුගේ සංචිතයක්

ඉන්දුනීසියාවේ සුරබායා නුවර දී පැවැත්වීමට නියමිත 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියට

තරගාවලිය අගෝස්තු මස 9 වන දින සිට 17 වන දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වීමට නියමිතයි.

2016 වසරේ දී දකුණු ආසියානු තරග (SAG) වල දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 10 දෙනෙක් සහ අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් 05 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් කර ඇත.

අවුරුදු 23න් පහළ කණ්ඩායමේ නායිකා තිලිණි වසනා පෙරේරා සහ උප නායිකා තක්ෂිලා මධුරංගි දකුණු ආසියානු තරග ද නියෝජනය කළ අතර මෙම කණ්ඩායමට අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමෙන් ඇතුළත් කර ඇති අනෙක් ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කවීෂා ලක්ෂානි, අප්සරා සෙව්මාලි සහ සචිනි චාරුකා යි.

නායිකා දිනේෂා ප්‍රසාදිනී, උප නායිකා විරාජි චාමරිකා, කාංචනා දිල්හානි, වාසනා මදුමාලි, හෂිනි ලක්ෂිකා, චතුරිකා රණසිංහ, ඉරේෂා සුරංගනී සහ දිලුෂා සංජීවනී යන ක්‍රීඩිකාවන් දකුණු ආසියානු තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමෙන් තෝරා ගෙන ඇත.

2016 වසරේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව සහ 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නට දිනේෂා ප්‍රසාදිනී සමත් විය. ඊට අමතරව 2016 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු සකසන්නිය ලෙස අෂානි චමොදිකා සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම පන්දු සකසන්නිය ලෙස චතුරිකා රණසිංහ සම්මාන දිනා ගත් අතර මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු අවහිර කරන්නිය සහ දක්‍ෂතම ක්‍රීඩිකාව යන සම්මාන දෙකම දිනා ගන්නට ද ඇය සමත් විය. 34 වන වියේ පසුවන ඉරේෂා සුරංගනී සතු අත්දැකීම් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. එමෙන්ම 20 හැවිරිදි තක්‍ෂිලා මදුරංගි මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ දී දක්‍ෂතම පන්දු ග්‍රාහක ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

සංචිතය

යුද හමුදා ක්‍රීඩා සමාජය – කාංචනා දිල්හානි විජේකෝන්, තිලිණි වසනා පෙරේරා, හෂිනි ලක්ෂිකා, අයේෂා මදුරිකා, ඉරේෂා සුරංගනී පෙරේරා, චතුරානි පීරිස්, සංජීවනී කරුණාරත්න, අප්සරා සෙව්මාලි සෙනෙවිරත්න

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – දිනේෂා ප්‍රසාදිනී, අෂානි චමෝදිකා ජයතුංග, චතුරිකා ගයනි රණසිංහ, සචිනි චාරුකා

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – වාසනා මදුමාලි ධර්මතිස්ස

පොලිස් ක්‍රීඩා සමාජය – විරාජි චාමරිකා

නාවික හමුදා ක්‍රීඩා සමාජය – දිලුෂා සංජීවනී, සජිනි හේරත්, කවීෂා ලක්ෂානි පෙරේරා

MAS Casualline – තක්ෂිලා මදුරංගි සෙනෙවිරත්න

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට