යොවුන් තේරීම් තරගවලින් 2019 වසරේ මලල ක්‍රීඩා ඇරඹෙයි

244

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් එළඹෙන ජනවාරි 19 වැනිදා තේරීම් තරගාවලියක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ගෙවී විය වසරේ ට්‍රැක් එකේ සිදුවුනු දෑ

මෙම තේරීම් තරගාවලිය එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් වසරේ පළමු තේරීම් තරගාවලිය වන මේ තරගාවලිය පසුව ජනවාරි මාසයට ගෙන ඒමට තීරණය කරන ලදි. වයස අවුරුදු 15 සිට 17 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වන අතර මෙම තරගාවලියේ දී තේරී පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාර්තු මස 15 සිට 17 දක්වා හොංකොං හිදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබනු ඇත.

ආසියානු යොවුන් ශූරතාවලිය ආරම්භ වූයේ 2015 වසරේ දෝහා, කටාර් හිදී. ශ්‍රී ලංකාව එහි දී රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය. දෙවන අදියර පැවැත්වුණේ බැංකොක් හිදී. එහි දී ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් වූයේ එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් පමණි.

Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගකරුවන් හතකට තරගාවලියට සහභාගී විය හැකි අතර ඒ සඳහා තරගකරුවන් තෝරා ගන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විසින් ඉදිරිපත් කර ඇති නිර්ණායකවලට අනුවය.

බාලක   ඉසව්ව   බාලිකා  
තත්පර10.88 100m තත්පර 12.25
තත්පර 21.95 200m තත්පර 25.00
තත්පර 48.65 400m තත්පර 56.25
මිනිත්තු 01:55.50 800m මිනිත්තු 2:13.50
මිනිත්තු 4:00.00 1500m මිනිත්තු 4:40.00
මිනිත්තු 8:40.00 3000m මිනිත්තු 10:10.00
තත්පර 14.05 කඩුලු මතින් දිවීම 110m  / 100m   තත්පර 14.50
තත්පර 53.40 400m H තත්පර 62.00
මිනිත්තු 06:05.00 2000m SC මිනිත්තු 7:10.00
මිනිත්තු 1:56.00 සහය දිවීම    මිනිත්තු 2:17.00
මිනිත්තු 47:30.00 10000 RW / 5000 RW මිනිත්තු 26:00.00
2.06m උස පැනීම 1.71m
4.70m රිටි පැනීම 3.50m
7.20m දුර පැනීම 5.80m
14.90m තුන් පිම්ම   12.20m
18.00m යගුලිය විසි කිරීම 15.35m
51.00m කව පෙත්ත විසි කිරීම 42.00m
67.00m මිටිය විසි කිරීම   52.00m
70.00m හෙල්ල විසි කිරීම 49.50m
ලකුණු 5800 දස ප්‍රයාම/සත් ප්‍රයාම ලකුණු 4200

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<