යෙසිත් හා නිමුතුගෙන් ඇදහිය නොහැකි පිතිකරණයක්

475
Yesith Kalupahana and Nimuthu Gunawardena

වයස අවුරුදු 13න් පහළ වෙළඳ සංගම් ආරාධිත අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවැත්වූ ක්‍රිකට් තරගයක දී දැවැන්ත ශතක දෙකක් වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමියේ යෙසිත් කළුපහන හා නිමුතු ගුණවර්ධන සමත් විය.

15න් පහළ අවසන් සටනට පිවිසෙන විදුහල් දෙක තීරණය වෙයි

ලබන 28 වැනිදා කොළඹ දී පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ තෙවන පෙළ..

මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමිය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එම ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමියේ ආරම්භක පිතිකරුවන් යුගලය වන යෙසිත් කළුපහන හා නිමුතු ගුණවර්ධන කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමියේ පන්දු යවන්නන් හට දැඩි ප්‍රහාරයක් දියත් කරමින් පන්දුවාර 30ක් වැනි සුළු පන්දුවාර ප්‍රමාණයක් තුල ලකුණු 538ක් රැස්කිරීමට සමත් වූයේ 17.93ක් වැනි ලකුණු ප්‍රමාණයක් එක පන්දු වාරයකට රඳවා ගනිමිනි.  

එහි දී පානදුර ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ යෙසිත් කළුපහන පන්දු 90ක් තුල නොදැවී ලකුණු 287*ක් ලබාගත් අතර එම ඉනිමට 6 පහර 18ක් හා 4 පහර 37ක් අන්තර්ගත විය. ඔහුට සහය වූ සාන්ත පීතර විද්‍යාලයේ නිමුතු ගුණවර්ධන ලකුණු 226* රැස්කර ගත්තේ පන්දු 95ක් තුලදීයි. එම ඉනිම 6 පහර 9කින් හා 4 පහර 33කින් වර්ණවත් විය.

කෝල්ට්ස් හා බී. ආර්. සී පූර්ණ ජයග්‍රහණ භුක්ති විඳී

බී. ආර්. සී හා කෝල්ට්ස් කණ්ඩායම්වලට ජයග්‍රහණ හිමි කර දෙමින් 2017/18 ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට්..

පිළිතුරු ඉනිම දියත් කළ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමියේ සියලුම දෙනා පන්දුවාර 18යි පන්දු 2ක් තුල ලකුණු 91කට දැවී ගිය අතර එහි දී විහාෂ් කරන්වදූවගේ ලකුණු 10ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි. ප්‍රවීන් විලියම්ස් කඩුලු 3යි. කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමිය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ කෙවින් ගලගේපිටිය වන අතර ඔහු ලකුණු 26කට දැවී ගියේය.

අවසානයේ කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමිය ලකුණු 447ක් දැවැන්ත ජයක් ලබා ගන්නා ලදි.

කොළඹ ක්‍රිකට් සමාජ ඇකඩමිය – 538/0 (30): යෙසිත් කළුපහන 287*, නිමුතු ගුණවර්ධන 226*.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ඇකඩමිය – 91/10 (18.2): කෙවින් ගලගේපිටිය 26, මෙතිල් රුවන්පුර 24, විහාෂ් කරන්වදූවගේ  4/10, ප්‍රවීන් විලියම්ස් 3/15.

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<