අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

109

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා මේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ගන්න. මම ඔහුට කිව්වා ඔහු ඒක කළොත් මම ඔහුට කාරයක් අරන් දෙනවා කියලා.”

Espncricinfo වෙත මෙලෙස පවසා සිටියේ ජ්වල්ලා සිං ය. ඒ යශස්වි ජයීස්වාල්ගේ පුහුණුකරුය. යශස්වි ජයීස්වාල් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ක්‍රීඩකයෙකි. මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ඔහුය. 

ජ්වල්ලා සිං තම ගෝලයා සිය පොරොන්දුව ඉටු කරන ආකාරය දෙස බලාසිටියේය. පාකිස්තානය සමඟින් පැවති අවසන් පූර්ව වටයේ තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ ජයීස්වාල්ගේ නම ඉදිරියේ ශතකයක් සටහන් කරමිනි. 

ටේලර්ගේ ශතකය නිසා කිවියන්ගෙන් වාර්තාගත හඹා යෑමක්!

තරග 5-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේ දී අමිහිරි පරාජයකට ලක්වුණු නවසීලන්ත පිළ අද (05) පළමු එක්දින තරගයට……

කෙසේ වෙතත් ජ්වල්ලා සිං තම දක්ෂතා බැලීමට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින බව යශස්වි ජයීස්වාල් දන්නේ නැත. ජ්වල්ලා හට දකුණු අප්‍රිකාවට නොපැමිණෙන ලෙස ජයීස්වාල් කීපවරක්ම පවසා තිබුණ ද ජ්වල්ලාට පැමිණීමට අවශ්‍යව තිබිණි. ඉන්දීය කණ්ඩායම පාකිස්තානය සමඟින් අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන්කරගත් වහාම ජොහැන්ස්බර්ග් වෙත පැමිණෙන ජ්වල්ලා සිං තම ක්‍රීඩකයාගේ දස්කම් බැලීමට හොරෙන්ම Potchefstroom වෙත පැමිණ සිටියේය. 

තමා පැමිණි බව ජයීස්වාල් දකී යැයි ඔහු දිනය පුරාම සැඟවී සිටීමට කටයුතු කළේය. ඒ තමන් දැකීමෙන් ජයීස්වාල්ගේ අවධානය වෙනස්වේ යැයි බියෙනි. 

ජ්වල්ලා සිං, යශස්වි ජයීස්වාල්ගේ පුහුණුකරු පමණක් නොවේ. ඔහුගේ පියා මෙන් ජයීස්වාල් ළඟින් සිටි අයෙකි. 2013 වසරේ දී ජයීස්වාල්ගේ පියා විසින් ඔහුගේ සියලු වගකීම් ජ්වල්ලා සිං හට පැවරීමෙන් අනතුරුව ජයීස්වාල් මුම්බායි හි පදිංචියට පැමිණියේය. 

මෙම වසරේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ රවිඳු රොශාන්ත සිටි අතර ජයීස්වාල් ඔහුගේ ලකුණු සංඛ්‍යාව අභිබවා යමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආකාරය ජ්වල්ලා සිං බලා සිටියේය.

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ජයීස්වාල් ක්‍රීඩා කළ ආකාරය තරමක වෙනස්කම් කීපයකින් යුක්තය. දේශීය තරගවල දී ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටියේය. එක්දින තරග වලදී දෙවතාවක් ද්විත්ව ශතක වාර්තා කිරීමට ඔහු සමත් විය. 

ඒ මුම්බායි 19න් පහළ කණ්ඩායමට එරෙහිව හා තවත් මුම්බායි කණ්ඩායමකට එරෙහිවය. නමුත් මෙවර තරගාවලියේ දී ඔහු තරමක් මන්දගාමී ඉනිම් දියත් කළේය. ශ්‍රී ලංකා තරගයේ දී ඔහු ලකුණු 59ක් වාර්තා කළ අතර එහි ප්‍රහාරාත්මක වේගය 79.72ක් ලෙස සටහන් විය. 

නවසීලන්ත තරගයේ දී ඔහුගේ ලකුණු 57 වාර්තා වූයේ 74.02ක වේගයකිනි. ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ඔහුගේ ලකුණු 62 වාර්තා වූයේ 75.60ක වේගයකිනි. 

මිලන්තගෙන් ද්විත්ව ශතකයක්; සිගේරා සහ ෆාහිම් පන්දුවෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) අවසන් වූ ලංකන්…..

“මුම්බායිවල දී ඔහු වටේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හිටියා. ඒ වෙලාවට ඔහුට නිදහසේ ඔහුගේ ක්‍රීඩාව කරන්න පුළුවන් ඒත් මේ තරගාවලියේ දී වැදගත්ම කොටස පිතිකරණය. ඒ නිසා ඔහුට යම් පීඩනයක් තියෙනවා. ඒකම තමයි ජයීස්වාල්ගේ සුවිශේෂීම දේ. ඔහුට වෙනස් වෙන්න පුළුවන්.” 

ඉන් මිනිත්තු කීපයකට පසුව ජයීස්වාල් කෙටි පන්දුවක් ෆයින් ලෙග් කලාපයෙන් හතරේ සීමාව වෙත යොමු කරමින් අර්ධ ශතකය ආසන්නයට පැමිණියේය. ඒ තරග පහක් තුල ඔහු ලබාගත් සිව්වැනි අර්ධ ශතකයයි. 

“ඔබ දැක්කා ද ඒ පහර? ඒක තමයි ජයීස්වාල් අනෙක් ක්‍රීඩකයන්ගෙන් වෙනස් කරන්නේ. වෙන පිතිකරුවෙක් ඒ පන්දුවට පුල් පහරකට යොමුවෙනවා. ඒත් ජයීස්වාල් දන්නවා ඒක නෙමෙයි හොඳම පිළිතුර කියලා. මොකද මේ වෙලාවේ ලකුණු වේගය එතරම් ප්‍රශ්නයක් නොවන නිසා.” 

ජ්වල්ලාට මෙතරම් ජයීස්වාල් පිළිබඳව දැනුමක් ලැබුණේ කුඩාකල පටන්ම ඔහු සමඟින් ඔහුගේ ක්‍රීඩා විලාසය පිළිබඳව ඇති මනා දැනුම නිසාවෙනි. 

කලකට පෙර ජයීස්වාල් තම ක්‍රිකට් දිවිය ආරම්භ කරන විට ඔහු සිටියේ මුම්බායි හි අසාඩ් මයිඩාන්ගේ නිවසේය. ක්‍රිකට් පුහුණුවීම් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු වීදියේ පැණිපුරි (ඉන්දීය ආහාරයක්) විකිණීමට ද යොමුව තිබුණි. 

නමුත් ජ්වල්ලා සිං ගේ නිවසට පැමිණි පසු ජයීස්වාල්ට එතරම් ආර්ථික අපහසුතාවයක් ඇති වූයේ නැත. 

“අපේ ගෙදර නීතියක් තිබුණා. හැමදාම හවස ඔහු මට සම්බාහනයක් දෙන ගමන් දවසේ සිදු වුන හැමදේම කියනවා. මට ඔහුට කතා කරන්න අමතක වුනත් ඔහු එනවා. ඔහුට එතරම් හොඳ තරුණ කාලයක් තිබුණේ නෑ. ඒ නිසා මම හැමදාම ඔහුගේ ප්‍රශ්න ගැන අහනවා. ඔහුට දුක හිතෙන කිසිම දේකට මම ඉඩ දුන්නේ නෑ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දවසෙත් මම ඔහුව රූපවාහිනියෙන් ඈත් කරලා තිබ්බා. 

“හැම පරම්පරාවකම කෙනෙක්ට වීරයෙක් වෙන්න අවස්ථාවක් එනවා. මම ජයීස්වාල් ගෙන් ඒක දැක්කා. ඒ නිසා ඔහුව රැකගන්න එක වටිනවා. ඉන්දියාව වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. ඒත් වීරයෝ අඩුයි. මම ඒක ඔහුට කියලා දුන්නා. ඔහු දැන් ඒක තේරුම්ගෙන ඉන්නවා.”

“එක පාරක් දේශීය තරගාවලියක වීරයා වෙලා ඔහුට ඉන්දීය රුපියල් 10000ක වවුචරයක් ලැබුණා. ඔහු කිව්වා ඔහුට හෙල්මට් එකක් ගන්න අවශ්‍යයි කියලා. මම ඒකට අවසරය දුන්නා. ඔහු ආයෙත් ඇවිල්ලා මට කිව්වා ඔහු රුපියල් 3000ක් වැඩියෙන් වියදම් වුනා කියලා. ඒ වෙලාවේ මම ඔහුට බැන්නා. රුපියල් 13000ක් හෙල්මට් එකකට ගොඩක් ලොකු ගාණක්. මම කිව්වා ඔහුට ඒක පළදින්න වෙලාව ආවම ඒක පළදින්න කියලා.”

“ඒ වෙලාවේ ඔහු ඒක පරිස්සමෙන් අරන් තිබ්බා. ඔහුට ඒක හැමදාම පෙනුණා. ඔහු රංජි කුසලානයට සුදුසුකම් ලබා ගත්ත වෙලාවේ මම ඒක ඔහුට දුන්නා. ඒ වෙලාවේ මට තේරුණා ජයීස්වාල්ට මොන අභියෝගය දුන්නත් ඔහු ඒක ඉටුකරනවා කියලා.”

ජ්වල්ලා සිං 2015 වසරේ සිට 2018 වසර දක්වා ප්‍රිත්වි ශාව්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ජ්වල්ලා පවසා සිටියේ එවන් සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉන්දීය කණ්ඩායමට එක් කිරීමට ලැබීම ඔහුගේ වාසනාවක් බවයි. 

අවිශ්කගේ ඉනිම සාන්ත අන්තෝනි විද්‍යාලයට කොළ එළි ගෙන එයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග පහක් අද (05) දිනයේ දී ක්‍රියාත්මක……

ජ්වල්ලා සිං කුඩා කාලයේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට ආශාවෙන් පසු වූ අතර දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට එම සිහිනය සැබෑ කරගැනීමට නොහැකි විය. ඉන් අනතුරුව පුහුණුකරුවෙකු ලෙස කටයුතු ආරම්භ කලේය. 

“පේනවද ඔහුගේ ජර්සි අංකය? ඒක 23. ඒ මගේ උපන්දිනය 23 නිසා. මට තවත් මොනවද ඔහුගෙන් ඉල්ලන්න පුළුවන්? මගේ දුව ඉපදෙන්න කලින් ඔහු මගේ පවුලේ එකම දරුවා වගේ හිටියේ. දැන් ඇය මගේ දුවට අයියා කෙනෙක්. මගේ දුව ඉපදුණ දවසේ තමයි ඔහු මුම්බායි කණ්ඩායමට ද්විත්ව ශතකයක් වාර්තා කළේ. 

“ඔහු වැඩිම ලකුණු ලාභියා වුනොත් මම ඔහුට කාර් එකක් අරන්දෙන්න පොරොන්දු වුනා. ඒ වෙලාවේ ඔහු කිව්වේ මගේ පරණ කාර් එක ඔහු ගන්නම් කියලා. මට අලුත් එකක් ගන්න කිව්වා. 

ජයීස්වාල් තම ශතකය වාර්තා කළේ පාකිස්තානයේ දඟපන්දු ‍යවන ක්‍රීඩක ආමීර් අලීට ඩීප් මිඩ් විකට් කලාපයෙන් හයේ පහරක් එල්ල කරමිනි. ජයීස්වාල්ගේ මේ ඉනිම බලා සිටි ජ්වල්ලා” මම ආවා කියලා දැන් ඔහුට කියන්න ඕනේ “ යැයි පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<