අපරාජිත රටවල් දෙකක් අවසන් පූර්ව තරගයට

1251

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) සාර්ථක දෙවන දිනය අද (16) දිනයේ දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාලය අතර පැවති තරගයෙන් ලකුණු 13 – 0ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් විය.

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට තියුණු ජයක්

“14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) අද…

අද දින පස්වරුවේ පාකිස්තානය සහ බංගලාදේශය තරග වැදුනු අතර ඉහිදී ලකුණු 17 – 0ක් ලෙස පහසු ජයග්‍රහණය හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙතෙක් ක්‍රීඩා කළ තරග 2ම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූයේ පිළිවෙළින් A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි.

තෙවන තරගය – ශ්‍රී ලංකාව සහ නේපාලය

නේපාල කණ්ඩායමට මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) ලෙස දෙවනුව පිතිකරණයේ යෙදුනි.

තරගයේ පළමු ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත දැවීම් (outs) 3 අවසානයේ එක් ලකුණක් රැස්කර ගැනීමට සමත් විය. ඉන්පසු පිතිකරණ අවස්ථාව පිවිසි නේපාල කණ්ඩායමට ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ දෙවන ඉනිමේ පිතිකරණ අවස්ථාවේ දී දක්ෂතා අතරට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 8ක් රැස්කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහි පිළිතුරු ඉනිමේ දීද නේපාල කණ්ඩායමට ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය.

තුන්වන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිමේ දී එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් නොදී නේපාල ක්‍රීඩකයින්ගේ නියමිත දැවීම් 3 දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සිව්වන ඉනිමේ දී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය.

තරගයේ පස්වන ඉනිමේ දී තවත් ලකුණු දෙකක් තම ලකුණු පුවරුවට එක්කර ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් එම ඉනිමේදී ද නේපාල කණ්ඩායමේ දැවීම් 3 දවාගැනීමට සමත් වූයේ ලකුණු රැස්කිරීමට අවස්ථාවක් නොදෙමිනි. ඒ අනුව ඉනිම් 5ක් අවසානයේ ලකුණු 13 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.

අවසන් ලකුණු තත්වය : නේපාලය 0 – 13 ශ්‍රී ලංකාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

ශ්‍රී ලංකාව – ඉරේෂ් කෝසල (2R), සාදර අබේරත්න (2R), විමුක්ති සෙනෙවිරත්න (2R), සමීර රත්නායක (1R), ඒ. පීරිස් (1R), එස්. ගුණසේකර (1R), නවීන් කස්තුරි මුදලි (1R), නිරෝෂන් ශ්‍රියාරත්න (1R), චින්තක ඉඳුනිල් (1R), සුභාෂ් ගුණසිරි (1R).

තරගාවලියේ A කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගය ලෙස නේපාලය සහ ඉන්දියාව අතර තරගය හෙට (17) දින පෙ.ව. 9.00ට ආරම්භ වීමට නියමිතය.

Photos: Sri Lanka Vs India | West Asia Baseball Cup 2019

ThePapare.com | Hiran Werakkody | 16/07/2019 Editing and re-using images…


සිව්වන තරගය – පාකිස්තානය සහ බංගලාදේශය

මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) බංගලාදේශය වූ අතර තරගයේ ප්‍රථමයෙන් පිතිකරණ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට හිමිවිය.

තරගයේ පළමු ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පැමිණි පාකිස්තාන ක්‍රීඩකයින් නියමිත දැවීම් 3 අවසානයේ ලකුණු 8ක් රැස් කරමින් පෙරමුණ ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිමේ දී බංගලාදේශ ක්‍රීඩකයින්ට ලකුණු රැස්කිරීමට අවස්ථාවන් ලබා නොදීමට ප්‍රබල පාකිස්තාන කණ්ඩායම වගබලා ගත්හ.

තරගයේ දෙවන සහ තුන්වන ඉනිම් වලදී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

නැවතත් තරගයේ සිව්වන ඉනිමේ දී ලකුණු 7ක් රැස්කර ගැනීමට සමත් වූ පාකිස්තාන ක්‍රීඩකයින් එහි පිළිතුරු ඉනිමද ලකුණු ලබාදීමකින් තොරව නිමාවට පත් කිරීමට සමත් විය.

තරගයේ පස්වන ඉනිමේ දී ලකුණු 2ක් රැස්කර ගැනීමට පාකිස්තානය සමත් වූ අතර එහි පිළිතුරු ඉනිමේ දීද බංගලාදේශයට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: පාකිස්තානය 17 – 0 බංගලාදේශය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

පාකිස්තානය – සුමයිර් සවාර් (1R), අර්සලාන් ජම්ශෙඩ් (2R), සාදික් අෆ්රිඩි (2R), අසාඩ් අලී (2R), උමයිර් භාති (1R), රාෆි (1R), රෙහ්මාන් (2R), උබයිද් උල්ලා (2R), අබ්දුල්ලා (2R), අමීර් අෆ්රිඩි (2R),

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) පැවැත්වීමට…

තරගාවලියේ B කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගය ලෙස ඉරානය සහ බංගලාදේශය හෙට (17) දින ප.ව. 1.00ට තරග වැදීමට නියමිතය.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ThePapare.com අප සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ දසුන් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<