තෙවන ස්ථානය ඉන්දියාවට

4162
Sri Lanka Baseball

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) තෙවන ස්ථානය සඳහා ඉන්දියාව සහ ඉරානය අද (19) දින පස්වරුවේ තරග වැදිනි. එහිදී ලකුණු 8 – 1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

සුපුරුදු කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට

 

තරගාවලියේ පස්වන ස්ථානය සඳහා බංගලාදේශය සහ නේපාලය අද දින පෙරවරුවේ තරග වැදුනු අතර ඉන් ලකුණු 11 – 4ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ බංගලාදේශ කණ්ඩායම යි.

තෙවන ස්ථානය – ඉන්දියාව සහ ඉරානය

මෙම තරගයේ සත්කාරක කණ්ඩායම ලෙස ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දු රැකීමේ අවස්ථාව හිමිවිය.

තරගයේ පළමු ඉනිමේ ප්‍රථමයෙන් පිතිකරණයේ නිරත වූ ඉරාන කණ්ඩායමේ නියමිත දැවීම් 3 කිසිඳු ලකුණක් ලබාදීමකින් තොරව දවාගැනීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස්කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ පස්වන ඉනිම වනවිට ලකුණු 4 – 1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේ ඉන්දීය කණ්ඩායම යි.

ඉන්පසු තරගයේ අටවන ඉනිම අවසන් වනවිට ලකුණු 8 – 1ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර තවදුරටත් තරගයේ සිටීමට නම් අවම වශයෙන් ඉරාන කණ්ඩායම ලකුණු 7ක් රැස්කර ගෙන තරගයේ මුළු ලකුණු සංඛ්‍යාව සම කළ යුතුව තිබිනි. නමුත් අවසාන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදීමට ඉන්දීය ක්‍රීඩකයෝ වගබලා ගත්හ.

අවසන් ලකුණු තත්වය : ඉරානය 1 – 8 ඉන්දියාව

Photos : Sri Lanka vs Nepal | West Asia Baseball Cup 2019

ThePapare.com | Waruna Lakmal | 17/07/2019 Editing and re-using…


පස්වන ස්ථානය – බංගලාදේශය සහ නේපාලය 

මෙම තරගයේ සත්කාරකත්වය නේපාල කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූයේ බංගලාදේශ කණ්ඩායම යි.

තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි බංගලාදේශ කණ්ඩායම තරගයේ පස්වන ඉනිම අවසන් වනවිට ලකුණු 8 – 2ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ අවසන් ඉනිමට  ප්‍රථම ලකුණු 11 – 4ක් ලෙස ඉදිරියෙන් සිටි බංගලාදේශ කණ්ඩායම තම ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදී පිළට ලකුණු 7ක් ලබාගත යුතුව තිබිනි. නමුත් බංගලාදේශ කණ්ඩායමේ පන්දු යොමු කිරීම් සහ දක්ෂ පන්දු රැකීම් හමුවේ එකඳු ලකුණක් හෝ වාර්තා කරගැනීමට නේපාල කණ්ඩායම අපොහොසත් විය.

අවසන් ලකුණු තත්වය : බංගලාදේශය 11 – 4 නේපාලය 

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ….

තරගාවලියේ අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වේ.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ThePapare.com අප සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ දසුන් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<