සුපුරුදු කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට

306
Sri Lanka Baseball

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) දෙවන අවසන් පූර්ව තරගය ලෙස පාකිස්තානය සහ ඉන්දියාව අද (16) දින පස්වරුවේ තරග වැදිනි. එහිදී ලකුණු 13 – 2ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකර ගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පාකිස්තාන කණ්ඩායම යි.

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) පළමු අවසන් පූර්ව තරගය ලෙස….

දෙවන අවසන් පූර්ව තරගය – පාකිස්තානය සහ ඉන්දියාව

මෙම තරගයේ සත්කාරක කණ්ඩායම (Home Team) පාකිස්තානය වූ අතර ඉන්දියාවට තරගයේ පළමු පිතිකරණය හිමිවිය.

ඉන්දීය පළමු ඉනිමේ දී එම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලකුණු රැස්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් පාකිස්තාන ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස්කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ දෙවන ඉනිමේ පළමුව පිතිකරණයේ යෙදුනු ඉන්දීය කණ්ඩායමේ දැවීම් 3 කිසිඳු ලකුණක් රැස්කිරීමට අවස්ථාවක් නොදෙමින් දවාගැනීමට පාකිස්තාන ක්‍රීඩකයින් සමත් වූ අතර පිළිතුරු ඉනිමේ දී ඔවුන් එක් ලකුණක් රැස් කළේය.

ඉන්දීය තෙවන ඉනිම ද ලකුණු ලබා ගැනීමකින් තොරව නිමාවූ අතර පිළිතුරු ඉනිමේ දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ පාකිස්තාන ක්‍රීඩකයෝ ලකුණු 6ක් රැස්කරමින් ඉන්දීය ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ.

තරගයේ සිව්වන ඉනිමේ දී කණ්ඩායම් දෙකම එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට අපොහොසත් විය.

නැවතත් තරගයේ පස්වන ඉනිමේ දීද ලකුණු රැස්කර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමි නොවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට එක් ලකුණකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී ය.

ඉන්දීය ක්‍රීඩකයින්ට තම සයවන ඉනිමේ දීද ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලබා නොදුන් පාකිස්තාන කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ලකුණු 3ක් රැස්කරමින් මුළු ලකුණු 13 – 00ක් ලෙස තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

හත්වන ඉනිමේ පළමු පිතිකරණට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින්ට ලකුණු 10ක පරතරය හේතුවෙන් පරාජයට පත්නොවී සිටීමට නම් එම ඉනිමේ දී අවම වශයෙන් ලකුණු 4ක් රැස්කර ගත යුතුව තිබිනි. නමුත් එම ඉනිමේ දී තම නියමිත දැවීම් 3 අවසානයේ ඉන්දීය කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 2ක් පමණි.

අවසන් ලකුණු තත්වය : ඉන්දියාව 2 – 13 පාකිස්තානය

ඒ අනුව දෙවන අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ පාකිස්තානය එළඹෙන 20 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත ය.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලානයේ 5වන ස්ථානය සඳහා නේපාලය සහ බංගලාදේශය හෙට (19) දින පෙ.ව.9.00ට තරග වදිනු ඇත.

තරගාවලියේ 3වන ස්ථානය සඳහා වන ඉරානය සහ ඉන්දියාව අතර තරගය හෙට දින ප.ව.1.00ට ආරම්භ වීමට නියමිත ය.

මෙම තරගයෙන් ලකුණු 13 – 2ක් ලෙස පළමු අවසන් පූර්ව තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

අපරාජිත රටවල් දෙකක් අවසන් පූර්ව තරගයට

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ (West Asia Baseball Cup) සාර්ථක දෙවන දිනය අද (16) දිනයේ….

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වේ.

මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස ThePapare.com අප සියලුම තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ දසුන් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<