කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ හතරවැනි දිනයේ (11) පැවති තරගයකින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. මෙම තරගය නන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම අතර පැවැත්විය.

ශ්‍රී ලංකා කාන්තාවන් නැවත තරගයට

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම පන්දුවට පහර දීමේ අවස්ථාව මුලින්ම ලබා ගත්ත ද, සිතූ තරම් ලකුණු රැස් කිරීමට ශක්තිමත් පිතිකරණයක් ඔවුන් සතු නොවීය. මුළු ලකුණු සංඛ්‍යාව 30ක්ව තිබියදී ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාම දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉන්පසු ලකුණු 50 සිමාව පසුකර සබඳතාවයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට ඉඩ දුන්නේ නැත.

මැදපෙළ පිතිකාරිනියක් වන ප්‍රිශියස් මරාන්ජ් නොදැවී රැස්කර ලකුණු 29ත් සමඟ සිම්බාබ්වේ කාන්තා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 149ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ එෂානි ලොකුසූරියගේ සහ ශ්‍රීපාලි වීරක්කොඩි අතර එක් කඩුල්ල බැගින් ද, චමරි පොල්ගම්පොල සහ චමරි අතපත්තු අතර කඩුලු 2 බැගින් ද, තරගයේ හොඳම පන්දු යවන්නිය වූ ඉනෝකා රණවීර අතර කඩුලු 4ක් බැගින් ද බෙදී ගියේය.

මෙවර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණියේ චමරි අතපත්තු සහ නිපුනි හංසිකා දෙපලයි. තරගයේ හොඳම සබඳතාවත් සමඟ ලකුණු 77ක් රැස්කරමින් චමරි අතපත්තු ලකුණු 58ක්ද, නිපුනි හංසිකා ලකුණු 26ක් ද ශ්‍රී ලංකා ඉනිමට එක් කර පලවැනි සහ දෙවැනි කඩුලු ලෙස දැවී ගිය ද, ඉන්පසු පිටියට පැමිණි චමරි පොල්ගම්පොල සහ ප්‍රසාදනී වීරක්කොඩි පිලිවෙලින් ලකුණු 27ක් සහ 33ක් ලබාගෙන ලකුණු 57ක සබඳතාවයක් ද සමඟින් පන්දුවාර 36යි පන්දු 5කදි නියමිත ඉලක්කය පසු කරන ලදි. මෙහිදී සිම්බාබ්වේ පිල වෙනුවෙන් එම කඩුලු දෙකම දවා ගත්තේ ලොරේන් ශුමා විසිනි. අවසානයේ තරගයේ ජය කඩුලු 8කින් ශ්‍රී ලංකාවට හිමි විය. තරගයේ වීරවරිය ඉනෝකා රණවීර.

මීළඟ තරගය තායිලන්ත කාන්තා කණ්ඩායම සමඟ එළඹෙන 13 වැනිදා වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අනෙකුත් තරග ප්‍රතිඵල 

බංගලාදේශ කාන්තා කණ්ඩායම 100 (46.5/50) V දකුණු අප්‍රිකානු කාන්තා 101/4 (25.2/50)                       දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම – 169 (50/50)  V පැපුවා නිව් ගිනීයාව 162 (50/50)                               ස්කොට්ලන්ත කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

අයර්ලන්ත කාන්ත කණ්ඩායම – 218/7 (50/50)  V තායිලන්ත කාන්ත කණ්ඩායම -172/9 (50/50)         අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 46ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුවට