“අවසන් මහා තරගයේ පටලැවිල්ල සැප්තැම්බරයේ ලිහනවා”– MCC

5977
MCC

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුපිරි අවසානයක් ලබා දෙමින් සුපිරි පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරයේ දී නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් පන්දුව රැකගෙන කඩුල්ල වෙත එල්ල කළ අතර පන්දුව බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ගියේ එංගලන්තයට ලකුණු හයක් හිමි කර දෙමින්. 

මේ සිදුවීම ලොව පුරා විවිධ පාර්ශව වල විවිධ අදහස් දැක්වීම්වලට හේතු පාදක වූයේ අතේ මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) ඊයේ (14) නිවේදනය කර තිබුණේ මෙම සිදුවීම පිළිබඳ නැවත සොයා බැලීමක් එළඹෙන සැප්තැම්බරයේ දී පවත්වන්නට තීරණය කර ඇති බවයි. 

මම පිළිගන්නවා එතන යම් වැරැද්දක් වුනා කියලා – කුමාර් ධර්මසේන

පසුගිය ජූලි 7 වැනිදා නිමා වූ ලෝක කුසලාන …..

“ලෝක ක්‍රිකට් කමිටුව (WCC) පන්දු රැකීමේ දී බලපාන 19.8 නීතිය, 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ එම සිදුවීමේ දී ක්‍රියාත්මක වූ ආකාරය සාකච්ඡා කළා. WCC හිතනවා එම නීතිය පැහැදිලි කියලා. නමුත් 2019 සැප්තැම්බර් මාසයේ දී නීති පිළිබඳ උපකමිටුව එම සිදුවීම නැවත සොයා බලාවී.” MCCය නිල මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කර තිබුණා.

එම සිදුවීමේ දී එංගලන්තයට ලකුණු හයක් වෙනුවෙන් ලකුණු 5ක් ලබා දිය යුතුව තිබුණා යැයි විවිධ පාර්ශව චෝදනා කර තිබුණා. කුමාර් ධර්මසේනගේ එම තීරණය තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් කළ තීරණයක් වූයේ බෙන් ස්ටොක්ස් එම ලකුණු හයත් සමඟ තරගය සුපිරි පන්දුවාරයක් කරා ඇදගෙන යාමට සමත් වූ නිසාවෙනි. 

සුපිරි පන්දුවාරයත් ලකුණු සම වූ අතර වැඩිම හයේ හා හතරේ පහර මත එංගලන්තය සිය මංගල ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් වුනා. හයේ හා හතරේ පහර ගණන මත තරගයේ තීරණය ප්‍රකාශ කිරීමට ලොව පුරා ප්‍රේක්ෂකයින් එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඒ නිසාම විනිසුරුවන්ට මෙන්ම තරග නිලධාරීන්ට ද විවිධ විවේචන එල්ල වුනා. 

මීට අමතරව හිසේ ආබාධ නිසා (concussion) පිටියෙන් ඉවත් වන ක්‍රීඩකයින් වෙනුවට ආදේශක ක්‍රීඩකයින් නම් කිරීම හා ස්වයංක්‍රීයව නිපන්දු ලබා දීම පිළිබඳවත් MCC ය සාකච්ඡා කර තිබුණි.  

දුෂ්ටයා වීරයා වෙයි!

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දහස් ගණනක් ……

“WCC කමිටුව නිර්දේශ කර තිබුණා ඉනෙන් ඉහළින් යන පන්දු සඳහා නිපන්දු ලබා දීමට හා පිතිකරුවාගේ හිසට ඉහළින් යන පන්දුවලට වයිඩ් පන්දු ලබා දීමට පන්දුවේ ගමන් මාර්ගය තීරණය කරන මෘදුකාංගයක් භාවිතා කරන්නට. එම අවස්ථාවල දී නිවැරදි තීරණය ලබා දීමට විනිසුරුවන්ට අපහසු වන අතර එම තීරණය තාක්ෂණය මගින් ලබා දීම ඉතා පහසුයි.” මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<